• ආනාපානා සති දේශනාව

    ආනාපානා සති දේශනාව

    ඒ ආනාපානසති කමටහනින් ධ්‍යාන උපදවාගෙන දස කසිණ සමාපත්ති උපදවා ගත් බැවිනුයි පුබ්බේ නිවාසානුසස්ති ඥානය සහ දිබ්බ චකඛු ඥානය උපදවා ගන්න පුලූවන් උනේ. එයින් පැහැදිලි වෙනවා ආනාපානසති කර්මස්ථානය සෑම කමර්මස්ථාන භාවනාවකටම පුරෝගාමි වෙමින්, අග්‍ර වූ, ශ්‍රේෂ්ඨ වූ, ජෙෂ්ඨ වූ, උත්තම වූ භාවනා කමර්මස්ථානයක් වන බව. මහා සති පට්ඨාන සුත්‍රාන්ත දේශනාවේ තියෙනවා භාවනා කමර්මස්ථාන විසි එකක්. එයින් දෙකක්, පමණක් සමථ පූර්වාංගම භාවනා, අනිත් සියල්ලම සෘජුවම විදර්ශනා භාවනා. ඒ සියලූම කමර්මස්ථානයන්ට මුලින් ප්‍රකාශ කොට වදාළේ ආනාපානසතියයි.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_572 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/AnaPana_Sathi_Desanawa.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • චක්‍රවර්ති සිංහනාද සුත්‍ර ධර්ම දේශනය

    චක්‍රවර්ති සිංහනාද සුත්‍ර ධර්ම දේශනය

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    “අත්තානො ලොකො අනභිස්සරො”

    සක්රුවනේ ආනුභාවයෙන් ගුවනින් ගමන් යන, සතර මහද්වීපයට අගරජ වන නිති පන්සිල්, පොහොය, අටසිල් රකින සප්තරත්නයෙන් සමන්විත දසරාජ ධර්මයේ පිහිටා සිටින, දැහැමි රජවරු සක්විති රජවරු නමින් හැඳින්වෙති.

    “දළ්හනේමි” නම් වූ සක්විති රජකෙනෙකු මුල් කොට ඇති අතීත ප්‍රවෘතියක් ද ඇතුළත් කොට, තුන් කාලයක් එක්කොට ලෝකයාගේ පිරීහීමත්, දියුණුවත් පහයමින්, මතු බුදුවන මෛත්‍රී සම්බුද්ධ ශාසනයත්, “සංඛ” නම් සක්විති රජතුමාත් හඳුන්වමින් දේශනා කරන ලද්දාවු දීඝනිකායේ 25 වෙනි දීර්ඝ සූත්‍ර දේශනාව “චක්‍රවර්ති සිංහනාද සුත්‍ර දේශනාව” නමින් හැදින්වේ.

    window.option_df_696 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/sinhanada-suthraya.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • තණ්හාවෙන් ජය ගැනීම

    තණ්හාවෙන් ජය ගැනීම

    තණ්හාව ගැන විස්තර කර ඇති මෙම ධර්ම පුස්තකය දෙතුන් වරක් හොඳින් කියවා මෙහි සඳහන් ධර්ම කරුණු මතක තබා ගන්න. එවිට ඔබට බොහෝ කුසල් රැස් වෙනු ඇත. එමෙන් ම සමථ – විපස්සනා භාවනා වඩා තම චිත්ත සන්තානයේ ඇති තණ්හාව දුරු කිරීමට උත්සාහ ගැනීම ඔබගේ මොලොව – පරලොව යහපත් පිණිසත්, සංසාර දුකින් එතෙර වීම පිණිසත් හේතු වන බැවින් ගුරු උපදෙස් ලබමින් සමථ – විපස්සනා භාවනා වැඩීමට යොමු වන මෙන් පුණ්‍යානුමෝදනා කිරීමට පුර්වයෙහි කරුණිකව ආරාධනා කරමි.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_737 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Book-inner.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • දවසට වරක්වත් බුදුගුණ සිහි කරමු

    දවසට වරක්වත් බුදුගුණ සිහි කරමු

    බුදු ගුණ අනන්තයි, බුදු ගුණ සත්‍යයයි, බුදු ගුණ විද්‍යාමානයි, බුදු ගුණ මහානුභාව සම්පන්නයි, බුදු ගුණ කෙරෙහි පැහැදීමෙන් නිතර බුදු ගුණ සිහි කිරීමෙන් බොහෝ අනුසස්ලැ ඛෙනුයේ නිරායාසයෙනි. බුදු ගුණ නිරතුරුව සිහි කරන තැනැත්තා සුවසේ නිදයි. සුවසේ අවදිවෙයි. නපුරු සිහින නොදකියි. දෙවියන්ට පි්‍රය වෙයි. දෙවියන්ගේ ආරක‍ෂාව ලබයි. වස විස අවි ආයුධ ගිනි විපත් ශරීරගත නොවෙයි. ශරීර වර්ණය පැහැපත්වේ. චිත්ත සමාධිය නොපමාව ලබයි.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_574 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Buduguna_Sihi_Karamu.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • දැවෙන ලෝකයේ නොදැවී සිටීමේ එකම මාර්ගය

    දැවෙන ලෝකයේ නොදැවී සිටීමේ එකම මාර්ගය

    ලෝකයේ යුද්ධ, කල කෝලහල, ආරවුල්, වාද විවාද ඇති වන්නේ ද්වේශය මුල් කරගෙනයි. සන්තානයක් ද්වේශය නැමැති ගින්නෙන් රත් වූ විට ලොව ඇති සියළුම විපත් සිදුවේ. යම් සිතක මෛත්‍රිය ඇති නම් ඒ සිතේ එම ගැටුම් කාරී තත්ත්වයන් නැත. එබැවින් දැවෙන ලෝකයේ නොදැවී සිටීමේ එකම මඟ මෛත්‍රියයි.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_604 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Dewena-Lokaye-pdf1.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • නිවන් දැකීමේ කෙටි මග

    නිවන් දැකීමේ කෙටි මග

    “තත‍ථ කතමා සති? යා මති අනුසසති පටිසසති සති සරණතා ධාරණතා අපිලාපනතා අසමමුසනතා සති සතිත‍ද්‍රියං සතිබලං සමමාසති, අයං වුචචති සති”

    සිහිය නම් කවරේ ද? යම් සතියක්, නැවත සිහි කිරීමක් පෙරටුව සිහි කිරීමක්, සිහියක්, සිහි කරන ආකාරයක්, ධරණ බවක්, අරමුණු නො ඉල්පෙන බවක්, නො මුලාවන බවක්, සති ඉන‍ද්‍රියක්, සති බලයක්, සම්මා සතියක් ඇත්තේ වේ ද, මෙය සතිය යැයි කියනු ලැබේ.

    “සරනති තාය, සයං වා සරති, සරණමතතමෙව වා එසාති සති”

    යම් ශක්ති විශේෂයකින් අරමුණු සිහි කරවත් ද, තමන් සිහි කරේ ද, සිහි කිරීමේ ශක්ති මාත්‍රය හෝ සතිය නම් වේ.

    සිතෙහි යෙදෙන කුසල චිත්ත වීථීයක තමන් හා එක්ව යෙදෙන අනෙකුත් නාම ධමයන්ට (චෛතසිකයන්ට) අරමුණු සිහි කර ගන්නට උපකාර වන චෛතසිකය “සතිය”නම් වේ.

    _

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_731 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/book-inner-1.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • බුද්ධ වන්දනා ක්‍රමය

    බුද්ධ වන්දනා ක්‍රමය

    ධර්මාරාක‍ෂක කඳවුරු වන්නේ උදාර පුද්ගල සන්තානයයි. ඒ ශ්‍රේෂ්ඨ පුද්ගල නමැති කඳවුරු ඇතුළේ ජීවමාන වන ධර්මය අපරිමාණ අධර්මවේග මැඩගෙන ආලෝකය පතුරුවමින් අපරාජිතව බබලන්නේය. ධර්මයේ රක‍ෂාස්ථානය වූ ධර්මයේ ආධාරකය වූ මහා පුරුෂ සන්තානය කුමන හේතුවකින් හෝ අබල දුබල වීම නිසා අභාවයට යාම නිසා ධර්මය නිරාධාර වන්නේය. නිරාලම්බ වන්නේය. ධර්මය අතුරුදහන් වී අධර්ම අන්ධකාරයෙන් ලෝකය වැසීයන්නේ එහෙයිනි.

    ඔබත්, අපත්, මේ පේලිවී පෙළ ගැසෙන්නේ ධර්මයේ ආරක‍ෂක කඳවුරු බටව පත්වෙනු සඳහාය. ධර්මයේ ප්‍රබල කඳවුරු වීම අපේ ප්‍රාර්ථනයයි. ඔබත් ඒ ධර්ම කඳවුරු පංතියේ බව සිහි කරන්න. ධර්මය උදෙසා පේවී ආත්ම ජීවිත නිරාපෙක‍ෂකව ඒම හා ධර්මවීර උතුමන් නොපැකිල ගමන්ක ළ ධර්ම විජයේ ශාන්ති මාර්ගයට අපිත් අනුයාත වී සිටිමු. අධර්ම මාර ප්‍රලය සහස්‍ර ගුණයෙන් නැගී ඒවා.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_600 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Vandana-Krama-book.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • බුදුගුණ භාවනාව

    බුදුගුණ භාවනාව

    බුද්ධානුස්සතිය, සමථ විදර්ශනා භවනා දෙකෙන් සමථ භාවනාවකි. කසීන 10, අසුභ 10, අනුස්සති 10, අප්පමඤ්ඤා 4, සඤ්ඤා 1, වවත්ථාන 1, හා අරූප 4, යන, සමසතළිස් සමථ කමටහන් අතුරින් අනුස්සති දශයට ඇතුළත් වේ. යෝගාචරයන් විසින් අනිවාය්‍යයෙන්ම භාවිතා කළ යුතු වූ සතර කමටහන් අතුරෙන් මුලින්ම තැන ගන්නේ බුද්ධානුස්සතියයි.

    සිහිකිරීම් අර්ථය ඇති සතිය, නැවත, නැවතත් සියවර දහස්වර ලක‍ෂවාර කෝටි ප්‍රකෝටි වාර පැවැත්වීම අනුස්සති නම් වේ. අවශ්‍යයෙන්ම නියතයෙන් පැවැත්විය යුතු වූ සතිය, යන තේරුමෙන් ද, අනුස්සති නම් වේ. (බුද්ධො සබ්බඤ්ඞ්ත ඤාණෝ) සර්වඥතා ඥානය ඇත්තා වූ බුද්ධ රත්නය පිළිබඳ විද්‍යමාන වූ අප්‍රමාණ ගුණ සමුදාය නැවත නැවතත් අනුරූප වශයෙන් සිහි කරමින් පවත්වන භාවනාව බුද්ධානුස්සතිය නම්න් හැඳින් වේ.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_616 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Buduguna-Bawanawa.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • මහත්ඵල ලැබීමට දන් පිංකම් කළයුතු ආකාරය

    මහත්ඵල ලැබීමට දන් පිංකම් කළයුතු ආකාරය

    යෝ සීලවා සීලවන්තේසු දදාති දානං
    ධම්මේන ලද්ධං සූපසන්න චිත්තෝ
    අභිසද්ධහං කම්ම ඵලං උළාරං
    තං වේ දානං විපුල ඵලංති භ්‍රෑමීත

    තුන්ලෝකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අර්හත් වූ, සම්‍යක් සම්බුද්ධ, සර්වඥ රාජෝත්තමයන් වහන්සේ මහා කරුණාවෙන් ලෝ වැසි ජනතාවගේ සුවසෙත උදෙසා වදාළ දක්ඛිණ විභඩග සූත්‍රයේ අවසාන ගාථාවයි ධර්ම දේශනාව සඳහා ඉදිරිපත් කරන්නට යෙදුණේ.

    මහා බෝසතුන් වහන්සේ බුදු බවට පත් වී අවුරුද්දක් ගිය තැන විසි දහසක් මහ රහතන් වහන්සේලා සමඟ කපිල වස්තු නුවරට වැඩම කොට වදාළේ පිය මහ රජතුමාට ධර්ම අනුග්‍රහ කරනු පිණිසයි. පළමු දවස හරියට වෙසක් පෝයදා උදා වුණා. තථාගතයන් වහන්සේ තම ඥාතීන්ට බුදුමහිම දක්වනු පිණිස අහසට පැන නැඟී රුවන් සක්මනක් මවා නිර්මිත බුදු රුවක් ද මවා, ඉරියව් මාරු කරමින්, ධර්ම දේශනා ධර්ම සාකච්ඡා කරමින්, යමා මහ පෙළහර පාමින් එම අවස්ථාවේදී යමා මහ ප්‍රාතිහාර්යය පා වදාළා. එම ප්‍රාතිහාර්යය අවසානයේදී මහා පෘථීවිය ද කම්පා වුණා. අහසේ මල් වැසි ද වැස්සා. කෝටි ලක්ෂයක් දෙවියන් බ්‍රහ්මයන් රහත් වුණා. අසංඛ්‍යෙයක් පිරිස සෝවාන් වුණා, සකෘදාගාමී වුණා, අනාගාමී වුණා, මවුපිය ඥාති කුල අසූ දහසක්, පිය පස ඥාති කුල අසූ දහසක් දෙනා මුලින් කැපූ කෙසෙල් කඳන් මෙන් බිම දිගා වෙලා තෙරුන් සරණ ගත වුණා.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_640 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Na-Uyane-Ariyadhamma-himi.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • මහා සිංහ නාද සුත්‍ර දේශනාව

    මහා සිංහ නාද සුත්‍ර දේශනාව

    සක්වල ගැබ සිට භවාග්‍රය දක්වා අතරක් නැතිව බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා වඩා හි`දුවා දෙන ලද ප්‍රණීත පිණ්ඩපාත දානයට ද වඩා ධර්ම දානමය පිංකම ශ්‍රේෂ්ඨ වේ. එසේම මහා විහාරයන් ට සමාන විහාර ද,එසේම ලෝවා මහා පාය වැනි ප්‍රාසාදයන් සිය දහස් ගණන් කරවා දෙන ලදසේනාසන දානයට ද වඩා ධර්ම දානමය පින උතුම්වේ.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_576 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Maha-SihanDada-Soohra.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • ශාන්ති පිරිත

    ශාන්ති පිරිත

    බුදුගුණ අනන්තයි. දහම්ගුණ අනන්තයි. සඟගුණ ද අනන්තයි. තෙරුවන් ගුණ ඒකාන්ත සත්‍යයි. විද්‍යමානයි. මහත් ආනුභාව සම්පන්නයි. බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රයේ ගුණ ස්කන්ධ ඇතුළත් වූ සත්‍යක්‍රියාව පිරිත නමින් හැඳින්වේ.

    අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝධිසත්ත්ව කාලයේ දී මහා ලැව්ගින්නක් නිවූ සත්‍යක්‍රියාව වට්ටක පිරිතයි. මහා නියඟයක් නිවා වැසි වැස්ස වූ සත්‍ය ක්‍රියාව මච්ජරාජ පිරිතයි. මහා විෂඝෝර නාගයන් දමනය කළ සත්‍ය ක්‍රියාව කඳ පිරිතයි. සතුරන් ගෙන්ජ යගත් සත්‍ය ක්‍රියාව මෝර පිරිතයි.

    බුදු බවට පත් වී දෙවැනි වසරේ දී විශාලා මහනුවර රෝග, දුර්භික්ෂ, අමනුෂ්‍ය භය සංසිඳුවා ශාන්තිය සැලසූ සත්‍යක්‍රියාව රතන සූත්‍රයයි. ගර්භ මුල්හ වූ අසරණ මවක් සුවපත් කළ සත්‍යක්‍රියාව අංගුලිමාල පිරිතයි. මේ ආදී සත්‍යක්‍රියාමය පිරිත්දේ ශනා ගණනාවක් එකතුකොට මේ ශන්ති පිරිත සකස් කොට ඇත.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_662 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/shanthi-piritha.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • සම සතළිස් කමටහන් | සම සතළිස් කර්මස්ථාන

    සම සතළිස් කමටහන් | සම සතළිස් කර්මස්ථාන

    බුද්ධ ශාසනයෙහි හදුන්වා දෙන වැඩ පිළිවෙළ තුළ භාවනාවට ලැඛෙන්නේ ඉතා උසස් තැනෙකි. භාවනාව ගැන කථාකරන බොහෝ දෙනා ” විසුද්ධි මාර්‍ගය” ඉදිරිපත් කර ගනිති. එයට හේතුව එහි සෑම භාවනා ක්‍රමයක් ම පෙන්වා තිබීමයි. “විසුද්ධි මාර්‍ගය” සම්පාදනය කළ බුද්ධඝෝෂ අචාය්‍යර්‍ තුමා ද සාමාන්‍ය බෞද්ධ ලෝකයා විසින් මානනීය භාවයෙන් පිළිගන්නා ලද්දේය.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_580 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Sama_sathalis_karmasthana.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download