පින් ලබන ඥාතීන්
පින් ලබන ඥාතීන්
Showing 49–60 of 113 results

පින් ලබන ඥාතීන්

ලෝකයේ ඒ ඒ ආගම් අදහන භවතුන් තම තමන්ගේ ආගම්, චාරිත්‍රානුකූලව මිය පරලොව ගිය ඥාතිමිත්‍රාදීන් සිහිපත් කොට විවිධාකාර පිංකම් කෙරෙති, ලෝකය පුරා විසිරී සිටින බෞද්ධ ජනතාව බුදු දහමේ එන සිරිත්-විරිත් අනුව මියගිය භවතුන් වෙනුවෙන්, තම තමන්ගේ ඥාතිත්වයන් ගැන සලකා, කුසල ක්‍රියාවන්හි යෙදී ඒ පුණ්‍ය බලයෙන් මියගිය ඥාතීන්ට බොහෝවිට නම් ගම් සිහිපත්කොට පිංදීම සිරිතය. එදා බුදුන් දවස බිම්බිසාර මහරජතුමා දුටු සිහිනයකට අනුව ඥාතීන්ට පිංදීම බුදුරදුන් දවස අනුමත කළ බව සඳහන් වේ. එදා බුදුරදුන්ගේ අනුශාසනා පරිදි බිම්බිසාර මහාරාජයා පිං අනුමෝදන් කළේ කල්ප ගණනාවකට පෙර සිට දුගතියට පත්ව සිටි තම ඥාති පිරිසක් දුකින් ගලවා සුගතියට පත්කරනු සඳහා ය.
ඥාතීන්ට පිංදීමේ එකී චාරිත්‍රය බෞද්ධ ලෝකයා විසින් අද දක්වා ම පවත්වාගෙන එති. ප්‍රමුඛ වශයෙන් ම කෙරෙන්නේ සඟසතු දානමය පුණ්‍ය ක්‍රියාවක්කොට එම පුණ්‍ය බලයෙන් මිය ගිය අයට අනුමෝදන් කරවීමය. සිල්වත් ගුණවත් භිඬූන් වහන්සේලාට ආරාධනා කොට වැඩම කරවාගෙන ඉඩකඩ ඇති පරිදි වියදම් කළ හැකි පරිදි සංඝයා වහන්සේට දම් පහන් පුදා පිං අනුමෝදන් කිරීම එම ඥාතීන්ට පිංදීමේ සිරිත වශයෙන් පවත්වා ගෙන එති. ඒ අතර දූගී
මගී යාචකාදීන්ට ද, ගව, බලූ, කපුටු ආදී සතුන්ට ද ආහාර පාන වලින් සංග්‍රහ කොට පිංදීම ද සිරිතය.

“භිකෂුවගේ පියඋරුමය” සතර සතිපට්ඨානයයි. එනම්: සසුන් පිළිවෙතයි. භිකෂුත්වයට සුරකෂිත ගෝචරස්ථානය එයයි. ඉන් බැහැර වූ භිකෂුත්වය අනාරකෂිතයි. එසේ නම් ‘පැවිද්ද දහම් මග ඇරඹීම පිණිස ම ය’. ඒ සඳහා කටයුතු ඇරඹීමට අදාළ දහම් දැක්ම කෙබඳු ද යන්න පිළිබඳව මේ කෘතියෙහි දී සාකච්ඡා කිරීමට අපේකෂා කරමු. මෙහි දී බුදුරජාණන් වහන්සේ විසින් සත්හැවිරිදි වියේ පැවිද්දට පත් රාහුල හිමියන් ක්‍රමානුකූලව ශිකෂණයට පත්කරනු ලැබූ ආකාරය පූර්ව ආදර්ශයක් වශයෙන් ගන්නට කල්පනා කළෙමි. ළමා වියේ පැවිදි වීම් බහුල නිසා එය වඩාත් වැදගත් වේ යයි සිතමි. එහෙත් ඔවුනට තනිව දහම් මග ඇරඹිය හැකි නොවේ. ඒ සඳහා ප්‍රඥාසම්ප්‍රයුක්ත කල්‍යාණමිත්‍ර ස්ථවිර භිකෂූන් වහන්සේලාගේ සානුකම්පිත පූර්වාදර්ශය හා මග පෙන්වීම අත්‍යවශ්‍ය ය. ඊට අවශ්‍ය අවබෝධය ද හඳුනාගතයුතුව ඇත. ජීවිතයක ඒ ඒ වයස් වලට උචිත පරිදි ක්‍රමයෙන් ප්‍රඥාව පරිපාකයට යන අයුරින් පුද්ගල ශිකෂණය උදෙසා අනුපූර්ව ක්‍රියා පිළිවෙතක්, රහල් හිමියන් ශිකෂණයට පත්කළ පිළිවෙළ තුළින් හඳුනාගත හැකිව තිබේ.

ඓතිහාසික ඇතුගල් පුරවරයේ සිට පුත්තලම මාර්ගය ඔස්සේ සැතපුම් විසි පහක් පමණ ගිය තැන හමුවන, තවමත් ගැමි සුවඳ වියැකී නො ගිය නිකවැරටිය නම් වු උප නගරයට ආසන්නයේ ගනේවැව පුරාණ විහාරය පිහිටා ඇත්තේ ය. පාරම්පරික සිංහල ගම්මාන වු රත්මලවැටිය, දිවුල්ලෑගොඩ, කොනෙත්තේගම, ගොඩයාය, නබඩෑව වැනි පැර‚ ගම්ස මුහයකින් වට වු ගනේවැව නම් වූ සොඳුරු ගම් පියස මැද, මෙම පැර‚ වෙහෙර පිහිටා ඇති හෙයින් වත්මනෙහි එය ගනේවැව පුරාණ විහාරය නමින් ම ප්‍රසිද්ධ ව ඇත්තේ ය.

ධර්ම රාජයාණන් වහන්සේ විසින් උතුම් වූ සම්මා සම්බෝධියට පැමිණීම පිණිස සේවනය කරණ ලද ජයශ්‍රී මහා බෝධිරාජයාණන්ව හන්සේට මම නිවන් සුවය අවබෝධ වීම පිණිස වන්දනා කරමි. නමස්කාර කරමි. නමස්කාර වේවා!!

ධර්මාරාකෂක කඳවුරු වන්නේ උදාර පුද්ගල සන්තානයයි. ඒ ශ්‍රේෂ්ඨ පුද්ගල නමැති කඳවුරු ඇතුළේ ජීවමාන වන ධර්මය අපරිමාණ අධර්මවේග මැඩගෙන ආලෝකය පතුරුවමින් අපරාජිතව බබලන්නේය. ධර්මයේ රකෂාස්ථානය වූ ධර්මයේ ආධාරකය වූ මහා පුරුෂ සන්තානය කුමන හේතුවකින් හෝ අබල දුබල වීම නිසා අභාවයට යාම නිසා ධර්මය නිරාධාර වන්නේය. නිරාලම්බ වන්නේය. ධර්මය අතුරුදහන් වී අධර්ම අන්ධකාරයෙන් ලෝකය වැසීයන්නේ එහෙයිනි.
ඔබත්, අපත්, මේ පේලිවී පෙළ ගැසෙන්නේ ධර්මයේ ආරකෂක කඳවුරු බටව පත්වෙනු සඳහාය. ධර්මයේ ප්‍රබල කඳවුරු වීම අපේ ප්‍රාර්ථනයයි. ඔබත් ඒ ධර්ම කඳවුරු පංතියේ බව සිහි කරන්න. ධර්මය උදෙසා පේවී ආත්ම ජීවිත නිරාපෙකෂකව ඒම හා ධර්මවීර උතුමන් නොපැකිල ගමන්ක ළ ධර්ම විජයේ ශාන්ති මාර්ගයට අපිත් අනුයාත වී සිටිමු. අධර්ම මාර ප්‍රලය සහස්‍ර ගුණයෙන් නැගී ඒවා.

බෞද්ධයින් වශයෙන් මිනිසුන් කොපමණ නම් පිං දහම් සිදු කර ගන්නවාද? අතිවිශාල පිංකම් රුසක් සිදු කරණුයේ නිවන බලාගෙනයි. සංසාරයෙන් එතෙර වෙන්න කියලා හිතාගෙන පුළුවන් කාලයේ ඉදන්
මරණය දක්වාම අප විසින් කොපමණ නම් පිං දහම් සිදු කර ගත්තත්මි නිසුන් මිය යනුයේ නිවන කියන වචනයේ තේරුමවත් දැන ගෙන නොවෙයි. බුදුන් වහන්සේ කෙරෙහි ඇති ශ්‍රද්ධාව අධික වුවත් සැබවින්ම බුදුන් වහන්සේ ගැනත් උන්වහන්සේගේ ධර්මය පිළිබදවත් ඔබ කෙතරම්සැ ළකිලිමත්ද? ඒ දහම ගැන මොනවද ඔබ දන්නේ?.
ඇත්තටම නිවන කියන ස්වභාවය වෙන කොහේවත් ඇති දෙයක් නොවෙයි. ඒක හොයා ගෙන කොච්චර නම් පංසල් ගානේ ගියාද? දන් දුන්නද? සිල් රැක්කාද? ඇත්තටම ඒ ස්වභාවය ඇත්තේ තමන්ගේ ශරීරය තුළමයි. ඒත් ඒ අවබෝධය ලබන එකනම් පහසු දෙයක් නෙවෙයි. සංසාරය පුරාවට කුසලයට නැඹුරු කළ සිත දිනෙක ඔබව නිවන කරා රැගෙන යාවි. ඒ අනුව සිතත් කයත් සිතුවිලිත් හැදෙන විදිහ දැන ගැනීමෙන්මයි නිවන කියන වචනයේ අර්ථයවත් දැන ගැනීමට හැකි වනුයේ. ඒ පිළිබදව බුදුන් වහන්සේ දෙවියන් උදෙසා කළ දේශනය අභිධර්ම දේශනය කියලයි කියන්නේ. අන්න ඒ සියුම් ධර්ම කාරණා බුදු වී සිව්වන සතියෙද්ී උන්වහන්සේ සිහි කළ අතර එම ධර්මය නොමැතිව බුදු දහමෙහි කිසිදු ධර්ම කාරණාවක් විග්‍රහ කර ගැනීමට අපහසු බව ධර්මය දන්නා සැමගේ අදහසයි.

බුද්ධානුස්සතිය, සමථ විදර්ශනා භවනා දෙකෙන් සමථ භාවනාවකි. කසීන 10, අසුභ 10, අනුස්සති 10, අප්පමඤ්ඤා 4, සඤ්ඤා 1, වවත්ථාන 1, හා අරූප 4, යන, සමසතළිස් සමථ කමටහන් අතුරින් අනුස්සති දශයට ඇතුළත් වේ. යෝගාචරයන් විසින් අනිවාය්‍යයෙන්ම භාවිතා කළ යුතු වූ සතර කමටහන් අතුරෙන් මුලින්ම තැන ගන්නේ බුද්ධානුස්සතියයි.
සිහිකිරීම් අර්ථය ඇති සතිය, නැවත, නැවතත් සියවර දහස්වර ලකෂවාර කෝටි ප්‍රකෝටි වාර පැවැත්වීම අනුස්සති නම් වේ. අවශ්‍යයෙන්ම නියතයෙන් පැවැත්විය යුතු වූ සතිය, යන තේරුමෙන් ද, අනුස්සති නම් වේ. (බුද්ධො සබ්බඤ්ඞ්ත ඤාණෝ) සර්වඥතා ඥානය ඇත්තා වූ බුද්ධ රත්නය පිළිබඳ විද්‍යමාන වූ අප්‍රමාණ ගුණ සමුදාය නැවත නැවතත් අනුරූප වශයෙන් සිහි කරමින් පවත්වන භාවනාව බුද්ධානුස්සතිය නම්න් හැඳින් වේ.

දඹදිව යනු සොලොස් මහා ජනපදයකි. ලංකාව මෙන් හැට හතර ගුණයක් විශාල රටකි. ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ එක් අවස්ථාවක අනද මහ තෙරුන් අමතා සම්මා සම්බුද්ධත්වයට පත්වන බෝසතාණන් වහන්සේලා උපත ලබන භූමිය පිලිබදව පැහැදිලි කිරීමක් කර ඇත.
“පිංවත් ආනන්දය අජාණීය පුරුෂයා හැමතැනම උපදින්නේ නැත. දිගින් යොදුන් තුන්සීයක් පමණද පලලින් යොදුන් දෙසිය පනහක් පමණද වට ප්‍රමාණය යොදුන් නව සියයක් පමණ වූ මේ දඹදිව මධ්‍ය දේශයේම අජාණීය පුරුෂයාගේ අවසන් උපත සිදුවන බව දේශණා කල බුදු පියාණන් වහන්සේ එම උපත මහාසාර රජකුලයක හෝ බ්‍රාහ්මණ කුළයක පමණක්ම සිදුවන බවද දේශණා කල සේක.

මවුපියෝ දරුවන්ගේ බ්‍රහ්මයෝ ය. එසේම ඔවුන් මුල් ගුරුවරයෝ ය. දරුවන් විසින් දුර සිට ගෙනෙන ලද දේකින් පුද සැලකිලි ලැබීමට සුදුස්සෝ ය. මේ කරුණු නිසා දුදරු ප්‍රජාවේ අනුකම්පාව ලැබීමට දෙමාව්පියෝ සුදුස්සෝය.

බෝධි වන්දනාව අතීතයේ සිට පැවතීගන එන චාරිත්‍ර සීලයක් බවට ඉතිහාසය සාක්ෂි ධරයි. සම්මා සම්බුද්ධත්වයට පත් වූ අප බුදුපියාණෝ දෙවන සතිය මුලූල්ලේම අනිමිසලෝචන පූජාවෙන් බෝධීන් වහන්සේට ගෞරව කල සේක. එසේම අප සම්මා සම්බුදුපියාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ නොසිටින අවස්ථාවල සැදැහැවතුන්ට වැඳ පුදා ගැනීම සඳහා ආනන්ද බෝධිය රෝපනය කළ බව සාසන ඉතිහාසයේ දැක්වේ. එදා පටන් අද දක්වා ගිහි පැවිදි දෙපක්ෂයම ලෞකික ජිවිතය සැපවත් කර ගැනීමට, රෝග පීඩා දුරු කර ගැනීමටත්, අකුසල් විපාක මැඬලීම පිණිසත් මෙන්ම ලෝකෝත්තර මාර්ගයේ බාධක ජය ගැනීමට බෝධි වන්දනාව සිද්ධ කරති.

සසර පාරමී පුරාගෙන එන බෝසත් ළමා ජීවිතය මුලූ ලොවටම ඉතාමත් ආදර්ශයකි. එවැනි පිංවන්ත දරුවන් ලබන්නට දයාබර මව් පියන්ද බලාපොරොත්තුවේ. එම දරුවන් ලබන්නට සසර පිං වාසනාවක් තිබිය යුතුමය. අපේ ලංකාව එවැනි වීර දරුවන් පහළ වෙන මහා පුණ්‍ය භූමියකි. මද්දුම බණ්ඩාර කුඩා වීර පුතුනුවන්ද සිංහල ජනතාවට බෞද්ධ ජනතාවට ඉමහත්ආ දර්ශයකි. ඒවාගේ අප ලංකාව එක් සේසත් කළ වීර දුටු ගැමුණු අභය කුමාරයාද අපට ඉමහත් ආදර්ශයකි. ගැහැණු දරුවන් අතර සංඝමිත්තා කුමරියද, විශාඛා කුමරියද අපට ඉතා ආදර්ශවත්ය. එවැනි දරුවන් ලබන මව් පියවරුන්ද ඉතා යහපත්ය. දරුවාගේ හැදීම දෙමාපියන්ගේ වගකීමකි.පිංවත් මව්පියෝ දරුවෙක් මව් කුසට එන්නට පෙර මෙවැනි වාසනාවන්ත සත්පුරුෂ බෝසත් ගුණ ඇති දරුවන් ලබන්නට සුදුසු පාරමී ගුණ පුරමින් වාසනාවන්ත දරුවන් ප්‍රාර්ථනා කළ යුතුය. ගුණවත් මව්පියෝ එසේම කරන්නාහ. සත්පුරුෂ දරුවන්ද ජීවිතයේ කුඩා කල පටන් සත්පුරුෂ ගුණ දියුණු කරමින් පරම්පරා නියත චාරිත්‍ර, වාරිත්‍ර, සිරිත්, විරිත් මැනවින් පුරුදු කළ යුතුය. අතීතයෙහි ගුරුවරුද මව්පියන් මෙන් තම තමන්ගේ ගෙවල් වල දරුවන් නවත්වාගෙන තම ශිල්පය ඉගැන්නුවෝ ය. එම ගෙවල්වල කුදු මහත් වැඩ කටයුතුද දරුවා විසින් ගුරුවරයා කෙරෙහි සපයා දුන්හ. එම නිසා භාහිර අධ්‍යාපනය මෙන්ම අධ්‍යාත්මික ගුණයද දරුවාට සපයා දුන්හ. එම නිසා මව්පිය, ගුරු, ශිෂ්‍ය සම්බන්ධතාවය ඉතාමත් හොදින් පැවතුනාහ. අතීතයෙහි එවැනි දරු පරපුරක පැවැත්ම ඉතාමත් සාර්ථක විය.