• දිවි මගට දහම් බිදක් | ලක්ඛණ සූත්‍රය ඇසුරිනි

    දිවි මගට දහම් බිදක් | ලක්ඛණ සූත්‍රය ඇසුරිනි

    පිවිතුරු ප්‍රතිපදාවෙන් සම්මාසම්බුද්ධත්වයට

    ම්මාසම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වන්නේ ඉතාම කලාතුරකිනි. ඒ පහළවීම අතිශයින් ම සුන්දර මෙන්ම ආශ්චර්ය අද්භූත දෙයකි. ඒ අසිරිමත් පහළවීම සියලු දෙවි-මිනිසුන්ට ම අතිශය සැප ගෙන දෙන්නකි. සාරාසංඛ කල්ප ලක්‍ෂයක් පෙරුම් පුරා සම්මාසම්බුද්ධත්වය සඳහා පැමිණි ගමනේදී කිසිදු කෙනෙකුට ලඟා වීමට නොහැකි කළා වූ අතිශය පුණ්‍යමහිමය නිසා තිස් දෙකක් වූ මහා පුරුෂ ලක්‍ෂණයන්ගෙන් සෝභමාන වූ, දකින සියලු දෙනාටම යළි යළි ප්‍රිය උපදවන රූප කායකින් සමන්විත වූයේය.

    බුදුරජාණන් වහන්සේ සම්මාසම්බුද්ධත්වයට පත්වී විවිධ අවස්ථාවලදී අසිරිමත් සම්මාසම්බුදුගුණ ගැනත්, ඉපදීමේ සිට පිරිනිවන්පාන තෙක් සිදුවූ සුවිශේෂී සිදුවීම් පිළිබඳවත්, බෝධිසත්ත්ව සමයේ කළා වූ මාහැඟි පින්කම් පිළිබඳවත්, අතිශය මනරම් සුවිශේෂී අවබෝධාත්මක දේශනා පැවැත්වූ සේක. ඒ අතර අච්ඡරියබ්භුත සූත්‍රය, මහාසීහනාද සූත්‍රය, කාළකාරාම සූත්‍රය, ලක්ඛණ සූත්‍රය, ආනන්‍ද සූත්‍රය ආදී තවත් බොහෝ සූත්‍ර දේශනා හඳුන්වා දිය හැකිය.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_679 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/pivituru-pratipadava-FINAL.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • දුක සකස් වෙන පිළිවෙල නම්

    දුක සකස් වෙන පිළිවෙල නම්

    බුදුරජාණන් වහන්සේ නමකගේ පහලවීම අතිශය දුර්ලභ කාරණාවක් මෙන්ම, ඒ උතුම් ශ්‍රී සද්ධර්මය පවතින කාලයක මිනිසෙකු වී ඉපදීමත් අතිශය දුර්ලභ කාරණයක් වන්නේය. ඒ උතුම් අතිශය දුර්ලභ මොහොත ලද මේ අවස්ථාවේදී මනුෂ්‍යයන් හැටියට අප විසින් සිදු කරගත යුතු මූලික කාරණාවක් වනුයේ පිරිසිදු ශී්‍ර සද්ධර්මය අවබෝධ කරගැනීමට කටයුතු කිරීමයි. එසේ නො කළහොත් සංසාරයේ අතරමන්වනුයේ අපමය.

    ඒ අසරණ භාවයෙන් මිදීම පිණිස, සත් පුරුෂයන්ගේ ඇසුර ලබමින් සීල, සමාධි, ප්‍රඥා වැඩීම පිණිස නුවණින්,සිහියෙන්, වීර්යයෙන් යුතු ජීවිතයක් ගත කළ යුතුය.එබඳු උතුම් ජීවිතයක් ගත කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය පිළිබඳවත්, ඒ සද්ධර්මය නුවණින් විමසා ගත් භාවනාමය නුවණකුත් අප සතු විය යුතුය.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_694 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/duka-book.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • සත්‍යය දකින්නට නම් - 11 | මහා සතිපට්ඨාන සූත්‍රය ඇසුරිනි

    සත්‍යය දකින්නට නම් – 11 | මහා සතිපට්ඨාන සූත්‍රය ඇසුරිනි

    “කථං භාවිතෝ ච ආනන්ද, ආනාපානසතිසමාධි කථං බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානෙ පරිපූරෙත”

    බුදුරජාණන් වහන්සේ ආනන්ද සූත්‍රය දේශනාවේ දී ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කළේ, කෙසේ වඩන ලද ආනාපානසති සමාධියෙන් සතර සතිපට්ඨානය දියුණුවේද යන්නයි.

    මෙහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යමෙකු ආනාපානසති භාවනාව දියුණු කරයි ද, එම තැනැත්තාට සතිපට්ඨානය වැඩෙන අතර, සත්තිස්බෝධිපාක‍ෂික ධර්ම වැඩෙමින් “විජ්ජා විමුත්ති” ලබමින් උතුම් වූ මාර්ගඵල අධිගමනය සාක‍ෂාත් කළ හැකි බව ය.

    එබැවින් උතුම් නිර්වාණය ලබනු කැමති යමෙක්වේ ද, ඔහු විසින් මනාව මේ උතුම් සතිපට්ඨානය පුරුදු කළ යුතු ය. සතර සතිපට්ඨානය පුරුදු කිරීම සඳහා ඒ පිළිබඳව විශේෂ වූ අවබෝධයක් ද අප සතු විය යුතු ය.

    ඒ අවබෝධය ලබා ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය පිළිබඳව අවබෝධයක් තිබීම ඉතාම පහසු වන්නේ ය.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_666 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/sathya-dakinnatanam-cover-eye-new.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • සත්‍යය දකින්නට නම් - 12 | මහා සතිපට්ඨාන සූත්‍රය ඇසුරිනි

    සත්‍යය දකින්නට නම් – 12 | මහා සතිපට්ඨාන සූත්‍රය ඇසුරිනි

    බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය මනාව ඉගෙන ගෙන ඒ ශ්‍රී සද්ධර්මයට අනුව සිහිය පුරුදු කරන මාර්ගය වන සතිපට්ඨාන භාවනා මාර්ගය ඉතාම හොඳින් පුරුදු කළොත් මේ බියකරු වු සසර දුකින් එතෙර වීමේ අවස්ථාව ලැඛෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට අනුව යමෙකුගේ ඇති වැදගත්ම දක‍ෂතාවය වනුයේ දුකින් නිදහස් වීම පිණිස කටයුතු සලසා ගැනීම ය.

    ලෝකයේ සිටින මිනිසුන් අතර බොහෝ දෙනා තමා යම් යම් දේ සඳහා දක‍ෂ බව සිතාගෙන සිටිනවා. මම මේකට දක‍ෂයි කියලා සමහරු බොහෝම උදම් අනනවා. මනුෂ්‍යයකු හැටියට තමා තුල තිබිය යුතු ලොකුම දක‍ෂතාවය නම් මැරෙන මොහොතේ සිත ලෝභයටත්, ද්වේශයටත් පත්නො කර ගෙන සිත උපේක‍ෂාවට පත්කර ගැනීමයි.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_668 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/sathya-dakinnatanam-12-cover.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • සත්‍යය දකින්නට නම් - 13 | මහා සතිපට්ඨාන සූත්‍රය ඇසුරිනි

    සත්‍යය දකින්නට නම් – 13 | මහා සතිපට්ඨාන සූත්‍රය ඇසුරිනි

    “කථං භාවිතෝ ච ආනන්ද, ආනාපානසතිසමාධි
    කථං බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානෙ පරිපූරෙත”

    බුදුරජාණන් වහන්සේ ආනන්ද සූත්‍රය දේශනාවේ දී ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කළේ, කෙසේ වඩන ලද ආනාපානසති සමාධියෙන් සතර සතිපට්ඨානය දියුණුවේද යන්නයි.

    මෙහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යමෙකු ආනාපානසති භාවනාව දියුණු කරයි ද, එම තැනැත්තාට සතිපට්ඨානය වැඩෙන අතර, සත්තිස්බෝධිපාක‍ෂික ධර්ම වැඩෙමින් “විජ්ජා විමුත්ති” ලබමින් උතුම් වූ මාර්ගඵල අධිගමනය සාක‍ෂාත් කළ හැකි බව ය.

    එබැවින් උතුම් නිර්වාණය ලබනු කැමති යමෙක්වේ ද, ඔහු විසින් මනාව මේ උතුම් සතිපට්ඨානය පුරුදු කළ යුතු ය. සතර සතිපට්ඨානය පුරුදු කිරීම සඳහා ඒ පිළිබඳව විශේෂ වූ අවබෝධයක් ද අප සතු විය යුතු ය.

    ඒ අවබෝධය ලබා ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය පිළිබඳව අවබෝධයක් තිබීම ඉතාම පහසු වන්නේ ය.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_675 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/sathya-dakinnatanam-13-final.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download