• කර්ම විපාක | කර්මය ගැන පැහැදිලි විග්‍රහයක්

    කර්ම විපාක | කර්මය ගැන පැහැදිලි විග්‍රහයක්

    ‘කම්මං සත්තේ විභජති යදිදං හීනප්පණිතතායාතී’

    මහා කාරුණික අසරණ සරණ ශාන්ති නායක සම්මා සම්බුදු රජාණන් වහන්සේ වදාළ පරිදි සත්වයන් හීන ප්‍රණීත ලෙස උසස් පහත්ලෙස ඛෙදනු ලබන්නේ කර්මය විසිනි. කර්මය පිළිබඳ සම්බුදු දහමේ දේශිත ධර්ම පාඨ බොහෝ ඇතත් මෙහි දී මා උත්සාහ ගත්තේ සරළ බසින් කථා පුවත් අනුසාරයෙන් කර්ම විපාක පැහැදිලි කිරීමටය. කරන ලද කර්මයේ විපාකයෙන් ගැලවීමට හැකි කාන්තාවක් හෝ පුරුෂයෙක් හෝ මනුෂ්‍යයෙක් හෝ අමනුෂ්‍යයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ මේ තුන් ලෝකයේම නැත. මනුලොව සිට අකනිටා බඹලොව දක්වා මේ සක්වල පුරා අබ ඇට පිරවුයේ නමුදු ඒ අබ ඇට ගණනට වඩා විශ්වයේ තවත් සත්වයන් වාසය කරන සක්වලවල් ඇතිබව ධර්මයේ සඳහන් වේ. නමුත් කර්ම විපාකයෙන් බේරීමට හැකි පුද්ගලයෙකු නම් මේ විශ්ව ලෝක ධාතුව තුළම නැත.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_568 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2024\/02\/Karma-Wipaka-New.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • භාවනා සතර කමටහන් | මහාඵල නිවන් අවබෝධය පිණිස.

    භාවනා සතර කමටහන් | මහාඵල නිවන් අවබෝධය පිණිස.

    පින්වත් උපාසක උපාසිකාවන්ට ගුණ වඩන්නට සුදුසු පරිදි වර්තමානයේ නා උයන ආරණ්‍යය සේනාසනයේ වැඩ සිටින විශේෂයෙන් ගිහි යෝගීන්ට භාවනා උපදෙස් ලබාදෙන ස්වාමින් වහන්සේ විසින් සකසා ඇති සතර කමටහන් පිළිබද දහම් පත්‍රිකා මෙසේ පොතක් වශයෙන් සැකසේ. භාවනා උපදෙස් ලබා දීමෙන් යෝගීන් මුහුණ පාන අපහසුකම් සලකා ඒ සියඵ අපහසුකම් මග හරවා පහසුවෙන් ගුණ වර්ධනය පිණිස උන් වහන්සේ විසින් ලැබු අත්දැකීම් සලකා මෙම දහම් පති්‍රකා නිර්මාණය වී ඇත. යෝගීන් නිසි ආකාරයෙන් වැඩිය යුතු ගුණ දියුණු කර ඉක්මනින් සසර දුකෙන් මිදේවා යන්න උන් වහන්සේගේ මෛතී්‍ර සහගත පැතුමයි.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_570 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Bawana_Sathara_Kamatahan.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download