• තෙරුවන් ගුණ භාවනා

    තෙරුවන් ගුණ භාවනා

    “බුද්ධ රත්නයේ ගුණ අනන්තය, අප්‍රමාණය.
    ධම්ම රත්නයේ ගුණ අනන්තය, අප්‍රමාණය.
    සංඝ රත්නයේ ගුණ අනන්තය, අප්‍රමාණය.”

    මෙම සූවිසි මහා ගුණ කඳ තුළ සුවාසූ දහසක් ධර්‍මවස්කන්ධයම ගැබ්ව පලතී. එමෙන්ම මෙම ත්‍රිවිධානුස්සති භාවනාවන් වඩන යෝගීන් වහන්සේගේ සිත රාග, ද්වේෂ, මෝහාදියෙන් නොපෙළන බවට පත් වේ. පංච නීවරණ ධර්‍මයන් ද යටපත් වේ. උපචාර සමාධි ධ්‍යානාංගයන් ද පහළ වේ. ත්‍රිවිධානුස්සති භාවනාවන්හි නිරත වන යෝගීන් වහන්සේට බුද්ධ වන්දනා, වැඩිහිටි වන්දනාදිය ද පෙරට වඩා අර්ථාන්විතව ගෞවයෙන් සිදු කිරීමට සිත් පහළ වනු ඇත. රත්නත්‍රයේ ගුණ අනන්ත වන්නා සේම ඒවා සිහි කිරීමෙන් ලැඛෙන විපාකයන් ද අනන්තය. මුළු ලොව පුරා, බඹ තලය දක්වා විහිදෙන සේ ප්‍රාසාදයක් කරවා, මැණික් තොරණ් බැඳ, රනින් කළ කොඩි එල්ලා, අගය නිම කළ නොහැකි ලෙස කළ එම ප්‍රාසාදය පූජා කරන කුසලයටත් වඩා තෙරුවන් ගුණ සිහිපත් කිරීම උතුම් වනු ඇත.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_706 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/2.-\u0dad\u0dd9\u0dbb\u0dd4\u0dc0\u0db1\u0dca-\u0d9c\u0dd4\u0dab-\u0db7\u0dcf\u0dc0\u0db1\u0dcf.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • සීලයේ අනුහස්

    සීලයේ අනුහස්

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

     

    “යා මනුස්සේසු සම්පත්ති – යා ච දේවේසු සම්පදා
    න සා සම්පන්නසීලස්ස – ඉච්චතෝ හෝති දුල්ලභා
    අච්චන්තසන්තා පන යා – අයං නිබ්බාන සම්පදා
    සම්පන්නසීලස්ස මනෝ – තමේව අනුධාවතී”

    “මිනිස්ලොව යම් මිනිස් සැපතක් ඇත්තේ ද, දෙව්ලොව යම් දෙව් සැපතක් ඇත්තේ ද, ඒ සියල්ලම සිල් ඇත්තන්හට දුර්ලභ නැත. අතිශයින් ශාන්ත වූ යම් නිර්වාණ සම්පත්තියක් ඇත්තේ ද, සිල්වතාගේ සිත ඒ නිවන කරාම යන්නේ ය.”

    තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් සාරාසංඛ්‍යය කල්ප ලක‍ෂයක් පුරාවට ලොව්තුරා බුදුබව පතාගෙන සමත්‍රිංසක් පාරමී දම් පිරූ සේක. මෙසේ පෙරුම් දම් පුරා සැඟවී ගිය චතුරාර්ය සත්‍ය ධර්මය ස්වයංභූ ක‍දාණයෙන්ම තමන් වහන්සේ විසින්ම යලි සොයාගත් සේක. අනතුරුව ලෝකානුකම්පාවෙන් දෙව් මිනිසුන් සහිත සත්ව ප්‍රජාවට ද එම ගාම්භීර වූ නිවන් මග පෙන්වා දුන් සේක.

    නිවන් දැකීම සඳහා අනුගමනය කළයුතු වූ ඒකායන මාර්ගය නම් සීල, සමාධි, ප්‍රඥා, සංඛ්‍යාත ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. එය නිවැරදිව අනුගමනය කරන්නා මූලික වශයෙන් සිල්වතෙකු විය යුතුය. සිල්වන්තයාට වනාහි සියලූ ලෞකික, ලෝකෝත්තර සම්පත් උදාපත් කරගත හැකිවනු ඇත. අප මහ බෝසතාණන් වහන්සේ ද සසර ගමනේ පාරමී පුරණ සමයේ සිල් රක‍ෂා කළ හැටි ද එහි අනුසස් ලබා ගත් අයුරුද සදහන් වේ.

    window.option_df_704 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/3.-\u0dc3\u0dd3\u0dbd\u0dba\u0dda-\u0d85\u0db1\u0dd4\u0dc3\u0dc3\u0dca.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download