මහා පරිනිර්වාණ සුත්‍ර ධර්ම දේශනාව
බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පෑම සඳහා කුසිනාරා නුවරට වැඩම කළ අවස්ථාවේ නොයෙක් නොයෙක් තැන්වලදී නතර වෙමින් කළ කෙටි දේශනා රාශියක් මෙම සූත්‍ර දේසනාවේ ඇතුළත් වේ.
ඒ කාල පරිච්ඡේදය සැදැහැවත් බොදුනුවන්ගේ හදවත් කම්පාකරවන සංවේගජනනීය කාල පරිච්ඡේදයකි. ‘සංවේග” යන වචනයේ ඇතුලේ අර්ථය නම් සෝකයෙන් හඬ හඬා වැළපීම නොවේ. “සංවිගෙගා යොනිසො පදහති” යන නිරුත්තිය අනුව නුවණින්ය යථාර්ථය වටහාගෙන ධර්මය අවබෝධය සඳහා නොපසුබට වීර්යය කිරීමයි.

