• බුද්ධ පුජා | බුද්ධ පුජාව හා වන්දනාව

    බුද්ධ පුජා | බුද්ධ පුජාව හා වන්දනාව

    ‘සේවිතං ධම්ම රාෙජ්න-පත්තුං සම්බෝධි මුත්තමංවමි බෝධි රාජානං – නිබ්බාන සුඛ සිද්ධියා’

    ධර්ම රාජයාණන් වහන්සේ විසින් උතුම් වූ සම්මා සම්බෝධියට පැමිණීම පිණිස සේවනය කරණ ලද ජයශ්‍රී මහා බෝධිරාජයාණන්ව හන්සේට මම නිවන් සුවය අවබෝධ වීම පිණිස වන්දනා කරමි. නමස්කාර කරමි. නමස්කාර වේවා!!

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_586 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Buddha-Puja-Edit-Final.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • බෞද්ධ දරුවාගේ අත්පොත

    බෞද්ධ දරුවාගේ අත්පොත

    ළමා ජීවිතයට ලැඛෙන සුතමය ඤාණය

    සසර පාරමී පුරාගෙන එන බෝසත් ළමා ජීවිතය මුලූ ලොවටම ඉතාමත් ආදර්ශයකි. එවැනි පිංවන්ත දරුවන් ලබන්නට දයාබර මව් පියන්ද බලාපොරොත්තුවේ. එම දරුවන් ලබන්නට සසර පිං වාසනාවක් තිබිය යුතුමය. අපේ ලංකාව එවැනි වීර දරුවන් පහළ වෙන මහා පුණ්‍ය භූමියකි. මද්දුම බණ්ඩාර කුඩා වීර පුතුනුවන්ද සිංහල ජනතාවට බෞද්ධ ජනතාවට ඉමහත්ආ දර්ශයකි. ඒවාගේ අප ලංකාව එක් සේසත් කළ වීර දුටු ගැමුණු අභය කුමාරයාද අපට ඉමහත් ආදර්ශයකි. ගැහැණු දරුවන් අතර සංඝමිත්තා කුමරියද, විශාඛා කුමරියද අපට ඉතා ආදර්ශවත්ය. එවැනි දරුවන් ලබන මව් පියවරුන්ද ඉතා යහපත්ය. දරුවාගේ හැදීම දෙමාපියන්ගේ වගකීමකි.පිංවත් මව්පියෝ දරුවෙක් මව් කුසට එන්නට පෙර මෙවැනි වාසනාවන්ත සත්පුරුෂ බෝසත් ගුණ ඇති දරුවන් ලබන්නට සුදුසු පාරමී ගුණ පුරමින් වාසනාවන්ත දරුවන් ප්‍රාර්ථනා කළ යුතුය. ගුණවත් මව්පියෝ එසේම කරන්නාහ. සත්පුරුෂ දරුවන්ද ජීවිතයේ කුඩා කල පටන් සත්පුරුෂ ගුණ දියුණු කරමින් පරම්පරා නියත චාරිත්‍ර, වාරිත්‍ර, සිරිත්, විරිත් මැනවින් පුරුදු කළ යුතුය. අතීතයෙහි ගුරුවරුද මව්පියන් මෙන් තම තමන්ගේ ගෙවල් වල දරුවන් නවත්වාගෙන තම ශිල්පය ඉගැන්නුවෝ ය. එම ගෙවල්වල කුදු මහත් වැඩ කටයුතුද දරුවා විසින් ගුරුවරයා කෙරෙහි සපයා දුන්හ. එම නිසා භාහිර අධ්‍යාපනය මෙන්ම අධ්‍යාත්මික ගුණයද දරුවාට සපයා දුන්හ. එම නිසා මව්පිය, ගුරු, ශිෂ්‍ය සම්බන්ධතාවය ඉතාමත් හොදින් පැවතුනාහ. අතීතයෙහි එවැනි දරු පරපුරක පැවැත්ම ඉතාමත් සාර්ථක විය.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_660 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Kanthi-teacher-book-2016-12-5.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • සත්ත අරිය ධනය | සප්තාය්‍යර්‍ ධනය සරල බසින් සවිස්තරව

    සත්ත අරිය ධනය | සප්තාය්‍යර්‍ ධනය සරල බසින් සවිස්තරව

    නිධානයක් නිධන් කිරීමට ධනයක් තිබිය යුතුය. අනුගාමික පුණ්‍ය නිධානය පිණිස අවශ්‍ය වනුයේ සත්‍ය ආය්‍ය ධනයයි. ති්‍රවිධ පුණ්‍යකි්‍රයා, දශ පුණ්‍ය කි්‍රයා, දශ කුශල කර්මස්ථ දශ පාරමිතා, සත්තිස් බෝධිපාක‍ෂික ධර්ම, අටතිස් මංගල්‍යධර්ම, කරණීය ධර්ම, ති්‍රවිධ අර්ථචර්යා සතර සංග්‍රහ වස්තු, පඤ්ච මහ පරිත්‍යාග, සමථ විදර්ශනා භාවනා ධ්‍යාන අභිඥා ආදී නොයෙක් නමින් දැක්වෙන කුසල කර්ම සියල්ලම වනුයේ සත්‍ය ආර්ය ධනය පදනම් වීමෙනි. සත්ත ආර්ය ධනය සෑම කුශල ධර්මයකටම මූලික හේතුව බැවිනි.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_578 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Saththa-Ariya-In-Page-New..pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • සුවිසි ගුණ වන්දනාව සුවිසි මහා ගුණය සුවිසි ගුණ අනිසංසය

    සුවිසි ගුණ වන්දනාව සුවිසි මහා ගුණය සුවිසි ගුණ අනිසංසය

    ශ්‍රීමත් සම්මා සම්බුද්ධ ශාසනයක තිඛෙන උතුම්ම ගුණය තනුරුවන්ගේ සූවිසි මහා ගුණයයි. සම්මා සම්බුද්ධ ශාසන කාලය තුළ පමණක් විද්‍යමාන වන උතුම් ගුණයකි මෙය ලෝකයේ කල්ප කෝටි ගණනකින් පහළ වෙන උතුම් වස්තුවකි. නියත විවරණ ලබා ගත් බෝසතාණන්වහන්සේලා වූවද, ප්‍රඥාවෙන් අධිකනම් සාරාසංඛ්‍ය කල්ප ලක‍ෂයක් ද, ශ්‍රද්ධාව අධික නම් අටා සංඛ්‍ය කල්ප ලක‍ෂයක්ද, වීර්ය අධිකනම්, සොළොසා සංඛ්‍ය කල්ප ලක‍ෂයක් වැනි අති දීර්ඝ කාලයකින් ලෝකයේ බෝසතාණන්වහන්සේ නමක් ලොවුතුරා බුදු පදවියට පත් වීමෙන් අනතුරුවයි තුණුරුවන් ලෝකයට පත්වන්නේ, නියත විවරණ ලබන්නට ඉහත අති දීර්ඝ කාලයක් අනියත වශයෙන්ම පාරමි දම් පිරිය යුතුය. එවැනි කාල පරිච්ඡේදයක් ගැන සිතන විට කාලය ගැන අපට සීමා කළ නොහැකිය.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_602 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Bauddya-yanu-Kawarekda-page-114.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download