• නිවනේ වසන්තය ඔබ අභියස

    නිවනේ වසන්තය ඔබ අභියස

    අර්හත් ඵලය ආදීකොට ඇති ලෝකෝත්තර ආය්‍ය_ ඵලත්, ලෞකික පංච අභිඥා අෂ්ඨ සමාපත්ති ඵලත් චිත්ත දියුණුවෙන් මනුෂ්‍ය චිත්ත සන්තානයෙහි පහළ වන්නා වූ අතිශය නිරාමිෂය වූ ද අතිශය නිරවද්‍ය වූ ද ආශ්වාද ජනක, අත්භූත ජනක ශ්‍රේෂ්ඨ සිතුවිලි සමුදායක අග්‍රගණ්‍ය ඵල වේ. මන පූවංගම කරගෙන, මන ශ්‍රේෂ්ඨ කරගෙන, මනෝමය සිතක විඤ්ඤාණ ශක්තියේ කි්‍රයාකාරීත්වයයි.

    මේ මිහිපිට උසස් මානසිකත්වයක් ඇතිව මනුෂ්‍යයා පහළ වූ වකවානුවේ සිට ඔහු විසින්ම මානසික ඒකාග්‍රතාවයෙන් සිත දියුණු කිරීමෙන් ඇතිකර ගත් ඉහත ලෞකික – ලෝකෝත්තර ඵල හෙවත් ආධ්‍යාත්මික දියුණුව මෙතෙක් ලොව පහළ වූ පහළ වන්නා වූ ද නවීන විද්‍යාව හමුවේ අනාථ වී නැති අනාථ නොවන පරම උත්කෘෂ්ඨ චිත්ත ශක්ති සමුදායකි. මේ චිත්ත ශක්තියට අභියෝගයක් නැත. අතීතයේ වූයේ ද නැත. අනාගතයේ ද අභියෝගයක් නැත්තේ මය. චිත්ත ශක්තිය හමුවේ නවීන විද්‍යාව අසරණ ය. භෞතික දියුණුව ආධ්‍යාත්මික දියුණුව හමුවේ පරාජිත ය.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_588 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/nirwane-wasanthaya-oba-abiyasa-new-edited.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • ලෝකය වේගයක් පමණි

    ලෝකය වේගයක් පමණි

    “දෙතිස් මහාපුරිස් ලකුණු සහිත ගුණානිසංස”

    මේ මිහිපිට උසස් මානසිකත්වයක් ඇතිව මනුෂ්‍යයා පහල වූ වකවානුවේ සිට ඔහු විසින්ම මානසික ඒකාග්‍රතාවයෙන් සිත දියුණු කිරීමෙන් ඇතිකර ගත් ඉහත ලෞකික – ලෝකෝත්තර ඵල හෙවත් ආධ්‍යාත්මික දියුණුව මෙතෙක් ලොව පහළ වූ පහළ වන්නා වූද නවීන විද්‍යාව හමුවේ අනාථ වී නැති අනාථ නොවන පරම උත්කෘෂ්ඨ චිත්ත ශක්ති සමුදායකි. මේ චිත්ත ශක්තියට අභියෝගයක් නැත. අතීතයේ වූයේ ද නැත. අනාගතයේ ද අභියෝගයක් නැත්තේමය. චිත්ත ශක්තිය හමුවේ නවීන විද්‍යාව අසරණය. භෞතික දියුණුව ආධ්‍යාත්මික දියුණුව හමුවේ පරාජිත ය.

    සත්‍ය අවබෝධ කල උත්තමයාට වඩා සුඛිත මුදිත සැනසුන පුද්ගලයෙක් මේ තුන් ලෝකයේ කොතැනකවත් නැත. බෞද්ධ දර්ශනය හැර ලොව පහල වූ ආගම් දර්ශන වලින් මිනිසාගේ සදාකාලික විමුක්තිය ලංකර ගත හැක්කේ මරණින් පසුව ය. එහෙත් නව ලෝකෝත්තර ධර්මය හෙවත් අරි අටමග ඵල හා නිවන මේ ජීවිතයේදී ම ලබාගත හැක. චෛතසික දියුණුවේ ශ්‍රේෂ්ඨතම අවස්ථාව අර්හත් ඵලයයි. අවම ඵලය සෝවාන් ඵලයයි. ඒ ආර්ය ඵල ලාභිත්වය ඇති උත්තමයෝ පරිපූර්ණ චෛතසික උපද්‍රව වලින් සදහටම මිදුනෝ වෙති. මානසික ගැටලූවෙන් මිදුනෝ වෙති. පරිපූර්ණ චෛතසික – මානසික සෞඛයයෙන් යුක්ත වූවෝ වෙති. ඒ ආධ්‍යාත්මික දියුණුවේ උපරිම ඵලය ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයයි. සර්වඥතා ඥානයයි. මේ දිට්ඨධම්මවේදනීය සදාකාලික විමුක්තියයි.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_630 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/lokaya-vegayakpamani-2016-04-05.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • සියලූම ආර්යඵල ලාභීත‍වය සඳහා තිලකුණු භාවනාව හා කායගතානු සති භාවනාව

    සියලූම ආර්යඵල ලාභීත‍වය සඳහා තිලකුණු භාවනාව හා කායගතානු සති භාවනාව

    “අත්තානො ලොකො අනභිස්සරො”

    ලෝකවාසී සියලූ දෙනාම මහලූ බව හමුවේ අසරණයි. මරණය හමුවේ අසරණයි. ආදීන සඤ්ඤාවේ සඳහන් රෝග පීඩාවන් දුකක් කරදරයක් පැමිණුන අවස්ථාවේ කොතරම් දූ දරුවන් සිටියත් ඒ අයගෙන් පිළිසරණක් නැත. කොතරම් බලවතෙක් වුවත් අසරණයි. මට මව්පියෝ ඉන්නවා, නෑදෑයෝ ඉන්නවා, මේ වටිනා වස්තුවක් මා සතුයි, ගේ දොර ඉඩකඩම්, යාන වාහන ආදී භෞතික දේ කෝටි ගණන් තිබුණ නිසාත් ඒ කිසිම දෙයකින්වත් තමාට පිළිසරණක් නැත. ධන බලයෙන් රෝග නැති කළ නොහැක. නිල බලයෙන් නොහැක. බුද්ධාදී උතුමන්ටත් මේ පොදුය. ජීවිත පැවැත්මේ ආනිශංසයක් නොදකින යෝගාවචරයා දකින්නේම ඇත්ත ආදීනවයයි. ආදීනව දකින්න දකින්න සසරට ඇති කැමැත්ත නැති වෙනවා. ආදීනව නොදකින පුහුදුන් අය කය සන්තර්පණය කිරීම සඳහාම තෘෂ්ණාවට ම වහල් වී, මදි බවකින් අඩු බවකින් අතෘප්තිකරව සැපයි කියා දුක් ගොඩක්ම ප්‍රාර්ථනා කරනවා. දිව්‍ය සැප, මනුෂ්‍ය සැප යළි යළිත් ප්‍රාර්ථනා කිරීමෙන් භවයට යනවා. ආදීනව දකින්න.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_636 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/siri-sivali-himi-2016-06-13.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • සෝවාන් ඵල ලාභිත්වයෙන් අමා ශාන්තිය කරා

    සෝවාන් ඵල ලාභිත්වයෙන් අමා ශාන්තිය කරා

    සියලූම උත්තමාර්ථයන් – සියලූම උත්කෘෂ්ඨ බලාපොරොත්තු – සියලූම විජයග්‍රහණයන් – සියලූම මිදීම් (විමුක්තිය) පුද්ගල සාපේක‍ෂතාවය මත හෙවත් කෙනෙකු පදනම් කරගෙන සිදුවීම මානව කි්‍රයාකාරිත්වයේ ස්වභාවයයි. ඒ මහඟු බලාපොරොත්තු ඉටුකිරීමේදී අපෙන් ඉටුවිය යුතු යම් සමාජ මෙහෙවරක්වේ නම් එය සද්භාවයෙන් අවංකවම ඉදිරිපත් කිරීම කි්‍රයාත්මක කිරීම මානව හිතවාදි මනුෂ්‍ය ගුණ ධර්මයක්සේ සැලකුව මනාය.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_618 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Siri-Siwali-himi-Book-Final-new-2.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download