සියලූම ආර්යඵල ලාභීතවය සඳහා තිලකුණු භාවනාව හා කායගතානු සති භාවනාව
“අත්තානො ලොකො අනභිස්සරො”
ලෝකවාසී සියලූ දෙනාම මහලූ බව හමුවේ අසරණයි. මරණය හමුවේ අසරණයි. ආදීන සඤ්ඤාවේ සඳහන් රෝග පීඩාවන් දුකක් කරදරයක් පැමිණුන අවස්ථාවේ කොතරම් දූ දරුවන් සිටියත් ඒ අයගෙන් පිළිසරණක් නැත. කොතරම් බලවතෙක් වුවත් අසරණයි. මට මව්පියෝ ඉන්නවා, නෑදෑයෝ ඉන්නවා, මේ වටිනා වස්තුවක් මා සතුයි, ගේ දොර ඉඩකඩම්, යාන වාහන ආදී භෞතික දේ කෝටි ගණන් තිබුණ නිසාත් ඒ කිසිම දෙයකින්වත් තමාට පිළිසරණක් නැත. ධන බලයෙන් රෝග නැති කළ නොහැක. නිල බලයෙන් නොහැක. බුද්ධාදී උතුමන්ටත් මේ පොදුය. ජීවිත පැවැත්මේ ආනිශංසයක් නොදකින යෝගාවචරයා දකින්නේම ඇත්ත ආදීනවයයි. ආදීනව දකින්න දකින්න සසරට ඇති කැමැත්ත නැති වෙනවා. ආදීනව නොදකින පුහුදුන් අය කය සන්තර්පණය කිරීම සඳහාම තෘෂ්ණාවට ම වහල් වී, මදි බවකින් අඩු බවකින් අතෘප්තිකරව සැපයි කියා දුක් ගොඩක්ම ප්‍රාර්ථනා කරනවා. දිව්‍ය සැප, මනුෂ්‍ය සැප යළි යළිත් ප්‍රාර්ථනා කිරීමෙන් භවයට යනවා. ආදීනව දකින්න.





