සත්‍යය දකින්නට නම් – 12 | මහා සතිපට්ඨාන සූත්‍රය ඇසුරිනි
බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය මනාව ඉගෙන ගෙන ඒ ශ්‍රී සද්ධර්මයට අනුව සිහිය පුරුදු කරන මාර්ගය වන සතිපට්ඨාන භාවනා මාර්ගය ඉතාම හොඳින් පුරුදු කළොත් මේ බියකරු වු සසර දුකින් එතෙර වීමේ අවස්ථාව ලැඛෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට අනුව යමෙකුගේ ඇති වැදගත්ම දකෂතාවය වනුයේ දුකින් නිදහස් වීම පිණිස කටයුතු සලසා ගැනීම ය.
ලෝකයේ සිටින මිනිසුන් අතර බොහෝ දෙනා තමා යම් යම් දේ සඳහා දකෂ බව සිතාගෙන සිටිනවා. මම මේකට දකෂයි කියලා සමහරු බොහෝම උදම් අනනවා. මනුෂ්‍යයකු හැටියට තමා තුල තිබිය යුතු ලොකුම දකෂතාවය නම් මැරෙන මොහොතේ සිත ලෝභයටත්, ද්වේශයටත් පත්නො කර ගෙන සිත උපේකෂාවට පත්කර ගැනීමයි.






