බෞද්ධ දරුවාගේ අත්පොත
ළමා ජීවිතයට ලැඛෙන සුතමය ඤාණය
සසර පාරමී පුරාගෙන එන බෝසත් ළමා ජීවිතය මුලූ ලොවටම ඉතාමත් ආදර්ශයකි. එවැනි පිංවන්ත දරුවන් ලබන්නට දයාබර මව් පියන්ද බලාපොරොත්තුවේ. එම දරුවන් ලබන්නට සසර පිං වාසනාවක් තිබිය යුතුමය. අපේ ලංකාව එවැනි වීර දරුවන් පහළ වෙන මහා පුණ්‍ය භූමියකි. මද්දුම බණ්ඩාර කුඩා වීර පුතුනුවන්ද සිංහල ජනතාවට බෞද්ධ ජනතාවට ඉමහත්ආ දර්ශයකි. ඒවාගේ අප ලංකාව එක් සේසත් කළ වීර දුටු ගැමුණු අභය කුමාරයාද අපට ඉමහත් ආදර්ශයකි. ගැහැණු දරුවන් අතර සංඝමිත්තා කුමරියද, විශාඛා කුමරියද අපට ඉතා ආදර්ශවත්ය. එවැනි දරුවන් ලබන මව් පියවරුන්ද ඉතා යහපත්ය. දරුවාගේ හැදීම දෙමාපියන්ගේ වගකීමකි.පිංවත් මව්පියෝ දරුවෙක් මව් කුසට එන්නට පෙර මෙවැනි වාසනාවන්ත සත්පුරුෂ බෝසත් ගුණ ඇති දරුවන් ලබන්නට සුදුසු පාරමී ගුණ පුරමින් වාසනාවන්ත දරුවන් ප්‍රාර්ථනා කළ යුතුය. ගුණවත් මව්පියෝ එසේම කරන්නාහ. සත්පුරුෂ දරුවන්ද ජීවිතයේ කුඩා කල පටන් සත්පුරුෂ ගුණ දියුණු කරමින් පරම්පරා නියත චාරිත්‍ර, වාරිත්‍ර, සිරිත්, විරිත් මැනවින් පුරුදු කළ යුතුය. අතීතයෙහි ගුරුවරුද මව්පියන් මෙන් තම තමන්ගේ ගෙවල් වල දරුවන් නවත්වාගෙන තම ශිල්පය ඉගැන්නුවෝ ය. එම ගෙවල්වල කුදු මහත් වැඩ කටයුතුද දරුවා විසින් ගුරුවරයා කෙරෙහි සපයා දුන්හ. එම නිසා භාහිර අධ්‍යාපනය මෙන්ම අධ්‍යාත්මික ගුණයද දරුවාට සපයා දුන්හ. එම නිසා මව්පිය, ගුරු, ශිෂ්‍ය සම්බන්ධතාවය ඉතාමත් හොදින් පැවතුනාහ. අතීතයෙහි එවැනි දරු පරපුරක පැවැත්ම ඉතාමත් සාර්ථක විය.
මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.
Please wait while flipbook is loading. For more related info, FAQs and issues please refer to DearFlip WordPress Flipbook Plugin Help documentation.