පියඋරුමයෙහි පිය මැන

“භික‍ෂුවගේ පියඋරුමය” සතර සතිපට්ඨානයයි. එනම්: සසුන් පිළිවෙතයි. භික‍ෂුත්වයට සුරක‍ෂිත ගෝචරස්ථානය එයයි. ඉන් බැහැර වූ භික‍ෂුත්වය අනාරක‍ෂිතයි. එසේ නම් ‘පැවිද්ද දහම් මග ඇරඹීම පිණිස ම ය’. ඒ සඳහා කටයුතු ඇරඹීමට අදාළ දහම් දැක්ම කෙබඳු ද යන්න පිළිබඳව මේ කෘතියෙහි දී සාකච්ඡා කිරීමට අපේක‍ෂා කරමු. මෙහි දී බුදුරජාණන් වහන්සේ විසින් සත්හැවිරිදි වියේ පැවිද්දට පත් රාහුල හිමියන් ක්‍රමානුකූලව ශික‍ෂණයට පත්කරනු ලැබූ ආකාරය පූර්ව ආදර්ශයක් වශයෙන් ගන්නට කල්පනා කළෙමි. ළමා වියේ පැවිදි වීම් බහුල නිසා එය වඩාත් වැදගත් වේ යයි සිතමි. එහෙත් ඔවුනට තනිව දහම් මග ඇරඹිය හැකි නොවේ. ඒ සඳහා ප්‍රඥාසම්ප්‍රයුක්ත කල්‍යාණමිත්‍ර ස්ථවිර භික‍ෂූන් වහන්සේලාගේ සානුකම්පිත පූර්වාදර්ශය හා මග පෙන්වීම අත්‍යවශ්‍ය ය. ඊට අවශ්‍ය අවබෝධය ද හඳුනාගතයුතුව ඇත. ජීවිතයක ඒ ඒ වයස් වලට උචිත පරිදි ක්‍රමයෙන් ප්‍රඥාව පරිපාකයට යන අයුරින් පුද්ගල ශික‍ෂණය උදෙසා අනුපූර්ව ක්‍රියා පිළිවෙතක්, රහල් හිමියන් ශික‍ෂණයට පත්කළ පිළිවෙළ තුළින් හඳුනාගත හැකිව තිබේ.

මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

නොමිලේ කියවා, බාගත කර ගන්න.

Download