පින් ලබන ඥාතීන්

ලෝකයේ ඒ ඒ ආගම් අදහන භවතුන් තම තමන්ගේ ආගම්, චාරිත්‍රානුකූලව මිය පරලොව ගිය ඥාතිමිත්‍රාදීන් සිහිපත් කොට විවිධාකාර පිංකම් කෙරෙති, ලෝකය පුරා විසිරී සිටින බෞද්ධ ජනතාව බුදු දහමේ එන සිරිත්-විරිත් අනුව මියගිය භවතුන් වෙනුවෙන්, තම තමන්ගේ ඥාතිත්වයන් ගැන සලකා, කුසල ක්‍රියාවන්හි යෙදී ඒ පුණ්‍ය බලයෙන් මියගිය ඥාතීන්ට බොහෝවිට නම් ගම් සිහිපත්කොට පිංදීම සිරිතය. එදා බුදුන් දවස බිම්බිසාර මහරජතුමා දුටු සිහිනයකට අනුව ඥාතීන්ට පිංදීම බුදුරදුන් දවස අනුමත කළ බව සඳහන් වේ. එදා බුදුරදුන්ගේ අනුශාසනා පරිදි බිම්බිසාර මහාරාජයා පිං අනුමෝදන් කළේ කල්ප ගණනාවකට පෙර සිට දුගතියට පත්ව සිටි තම ඥාති පිරිසක් දුකින් ගලවා සුගතියට පත්කරනු සඳහා ය.

ඥාතීන්ට පිංදීමේ එකී චාරිත්‍රය බෞද්ධ ලෝකයා විසින් අද දක්වා ම පවත්වාගෙන එති. ප්‍රමුඛ වශයෙන් ම කෙරෙන්නේ සඟසතු දානමය පුණ්‍ය ක්‍රියාවක්කොට එම පුණ්‍ය බලයෙන් මිය ගිය අයට අනුමෝදන් කරවීමය. සිල්වත් ගුණවත් භිඬූන් වහන්සේලාට ආරාධනා කොට වැඩම කරවාගෙන ඉඩකඩ ඇති පරිදි වියදම් කළ හැකි පරිදි සංඝයා වහන්සේට දම් පහන් පුදා පිං අනුමෝදන් කිරීම එම ඥාතීන්ට පිංදීමේ සිරිත වශයෙන් පවත්වා ගෙන එති. ඒ අතර දූගී
මගී යාචකාදීන්ට ද, ගව, බලූ, කපුටු ආදී සතුන්ට ද ආහාර පාන වලින් සංග්‍රහ කොට පිංදීම ද සිරිතය.

මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

නොමිලේ කියවා, බාගත කර ගන්න.

Download