දිවි මගට දහම් බිදක් | ලක්ඛණ සූත්‍රය ඇසුරිනි
පිවිතුරු ප්‍රතිපදාවෙන් සම්මාසම්බුද්ධත්වයට
ම්මාසම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වන්නේ ඉතාම කලාතුරකිනි. ඒ පහළවීම අතිශයින් ම සුන්දර මෙන්ම ආශ්චර්ය අද්භූත දෙයකි. ඒ අසිරිමත් පහළවීම සියලු දෙවි-මිනිසුන්ට ම අතිශය සැප ගෙන දෙන්නකි. සාරාසංඛ කල්ප ලක්‍ෂයක් පෙරුම් පුරා සම්මාසම්බුද්ධත්වය සඳහා පැමිණි ගමනේදී කිසිදු කෙනෙකුට ලඟා වීමට නොහැකි කළා වූ අතිශය පුණ්‍යමහිමය නිසා තිස් දෙකක් වූ මහා පුරුෂ ලක්‍ෂණයන්ගෙන් සෝභමාන වූ, දකින සියලු දෙනාටම යළි යළි ප්‍රිය උපදවන රූප කායකින් සමන්විත වූයේය.
බුදුරජාණන් වහන්සේ සම්මාසම්බුද්ධත්වයට පත්වී විවිධ අවස්ථාවලදී අසිරිමත් සම්මාසම්බුදුගුණ ගැනත්, ඉපදීමේ සිට පිරිනිවන්පාන තෙක් සිදුවූ සුවිශේෂී සිදුවීම් පිළිබඳවත්, බෝධිසත්ත්ව සමයේ කළා වූ මාහැඟි පින්කම් පිළිබඳවත්, අතිශය මනරම් සුවිශේෂී අවබෝධාත්මක දේශනා පැවැත්වූ සේක. ඒ අතර අච්ඡරියබ්භුත සූත්‍රය, මහාසීහනාද සූත්‍රය, කාළකාරාම සූත්‍රය, ලක්ඛණ සූත්‍රය, ආනන්‍ද සූත්‍රය ආදී තවත් බොහෝ සූත්‍ර දේශනා හඳුන්වා දිය හැකිය.






