දැවෙන ලෝකයේ නොදැවී සිටීමේ එකම මාර්ගය
ලෝකයේ යුද්ධ, කල කෝලහල, ආරවුල්, වාද විවාද ඇති වන්නේ ද්වේශය මුල් කරගෙනයි. සන්තානයක් ද්වේශය නැමැති ගින්නෙන් රත් වූ විට ලොව ඇති සියළුම විපත් සිදුවේ. යම් සිතක මෛත්‍රිය ඇති නම් ඒ සිතේ එම ගැටුම් කාරී තත්ත්වයන් නැත. එබැවින් දැවෙන ලෝකයේ නොදැවී සිටීමේ එකම මඟ මෛත්‍රියයි.






