තුන් සූත්‍ර වල අර්ථය පදෙන් පදය දැනගනිමු
සෙත් පිරිත් දේශනාවක දී තුන් සූත්‍රය සජ්ඣායනා කරන පිළිවෙළක් තිබේ. එනම්, මුලින් ම මහා මංගල සූත්‍රයත්, දෙවනු ව, රතන සූත්‍රයත් අවසානයේ දී, කරණීය මෙත්ත සූත්‍රයත් සජ්ඣායානා කොට භවතු සබ්බ මංගලං ආදී ආශිර්වාද ගාථා කීමෙන් අවසන් කිරීමයි.
මෙබඳු සූත්‍රවල ඇති වටිනාකම කෙමෙන් කෙමෙන්ම ගහැරීයන යුගයක ඔබගේ භාවනාමය අවබෝධයට සහ ලෞකික අභිවෘද්ධියට ද ආරක්ෂාවට ද උපකාරීවන මෙම සූත්‍ර දේශනා තුළ ඇති අර්ථ දැනගැනීම තුළින් බොහෝ හාස්කම් ඔබට අත්විඳීමට හැකිවනු ඇත. මෙම සූත්‍ර දේශනා තුළ විශාල බලයක් ගැබ්ව තිබේ. එම බලයෙන් ඵල ලැබීමට නම් අර්ථ දැන ගත යුතුම ය.


