කේතුමතී රාජධානිය

අනාගතයෙහි ලෝකයේ පහළ වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ උපත ලබන්නේ දඹදිව කේතුමතී රාජධානියෙහි බව බෞද්ධ ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වේ. සොළසාසංඛ්‍ය නොහොත් දහසැය අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා පුරණ ලද පාරමී ධර්ම ඇති ඒ ශ්‍රේෂ්ඨතම මහෝත්තමයන් වහන්සේ නිසා අපරිමිත සංඛ්‍යාවක් දෙවියන් සහිත මනුෂ්‍යයන් සෝවාන් ආදී මගඵලවලට පත්ව නිවන්ද ක්නාහ. එසේම උන්වහන්සේගේ බණ දහම් ඇසීමෙන් දෙවි මිනිස් සම්පත් හා බ්‍රහ්මලෝකවල බඹ සම්පත් ලබන්නෝ අපමණ ය. අපගේ ගෞතම බුදුරාජාණන්ව හන්සේට වඩා සිව්ගුණයක කාල ප්‍රමාණයක් පෙරුම්දම් පිරීමේ පුණ්‍ය බලය නිසා මෙතේ බුදුන් පහළවන සමය ලෝකයා සුඛිත මුදුත බවට පත්වු කාල පරිච්ෙජ්දයකි. දඹදිව කේතුමතී රාජධානිය ද පිනෙන් පිරුණු දිව්‍යලෝක බ්‍රහ්මලෝක සහ අනෙකුත් බලගතු ග්‍රහලෝකවල සිට චුතව මෙහි උපත ලද්දෝ ම වීම එයට හේතුවයි. ගෞතම බුද්ධ ශාසනයෙහි විවිධ පින්කම් කොට “මෙතේ බුදුන් දැක නිවන් දකින්නෙමු” යි දාන සීල භාවනාදී පින්කම්හි යෙදුණෝ ද ඒ මෙතේ බුදුන් සමයෙහි උපත ලබති. පලාඵලවල රසවත් බව – ධාන්‍ය වර්ගවල ඕජෝ ගුණය සහ ප්‍රණීත බව – දේශගුණයෙහි පවත්නා වූ අතිශයින් ම සුවදායක බව මේ පුණ්‍යවන්ත කාලයෙහි ස්වාභාවික තත්ත්වය වන්නේ ය.

මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

Please wait while flipbook is loading. For more related info, FAQs and issues please refer to DearFlip WordPress Flipbook Plugin Help documentation.

නොමිලේ කියවා, බාගත කර ගන්න.

Download