අම්බසක්බර ප්‍රේත වස්තුව | පින් පව් පල දෙන සැටි
කුශල කර්ම කොට සුගතියට ගොස් සැප විඳින්නන් පිළිබඳ වත් අකුශල ක්‍රියා කොට ඉමහත් දුඛිත තත්ත්වයට පත්වූවන් පිළිබඳ වත් කථා ඉමහත් ඔනෑකමකින් අසා සිටීමට මිනිසුන් කැමැත්තක් දක්වති. මේ කථා ඇසීමෙන් බොහෝ දෙනා සතුටක් ලබන්නා සේම දුකට පත් වූවෝ කෙරෙහි දැඩි අනුකම්පා සහගත තත්ත්වයකට ද පත් වෙති. මෙමගින් නො දැනුවත් ව ම වාගේ ඔවුහු කුශල පක්ෂයට නැඹුරු වෙති. අකුශල කර්ම කිරීමෙන් වළකිති.


