අනුපුර්ව නිවන් මඟ 04
මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.
නොපෙනෙන ලෝකය
ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම සම්මා සම්බුදු රජුන් ලෝකයට පහල වී, අධිපති මාර බලය පරාජය කර, අනන්ත සසරින් මිදෙන්නට මග හෙලි කළ සේක. වසර දෙදහස් පන්සිය පනස් අටක් ඉක්මවා යන මේ මොහොතේ, සියල්ල උඩු යටිකුරු වී ඇත. නිර්මල බුදු දහම පැවැත්මට ඉවහල් වූ දහමක් බවට පත් වී ඇත. දශක විස්සක් පුරා සිදු වූ මේ පරිහානිය අද උග්‍ර වී ඇත.
මිනිස් සන්ථානය දෘෂ්ඨිගතව මුල් බැසගත් යුගයකි. මේ තත්ත්වය යටතේ සත්‍ය මතු කිරීම වනාහී, ලෙහෙසි පහසු කාර්යයක් නම් නොවේ. බුද්ධ ඥානයට පවා අභියෝග කරමින්, තමන්ගේ මතය ඉස්මතු කිරීමට වෙර දරති. ගම්භීර දහම උගසට තබා මිත්‍ය දෘෂ්ඨි වැලඳ ගනිති. ඉදිරියට මේ තත්ත්වය තවත් උග්‍ර වෙනවා හැරෙන්නට, අවබෝධය කරා යාමක් සිදුනොවේ.
නුවණැති අතලොස්සකට හෝ සත්‍යය දකින්නට වාසනාව තිබේ. එය වුවද ඉතාම ඉවසිල්ලෙන්, නිහතමානීව, අවංකව හා නිහඬව කල යුතු දෙයකි.





