Showing 61–72 of 113 results
-

මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.
- අත්ත දිපා විහරථ – තමන්ට තමන්ම අලෝකයක් විය යුතුය.
- අත්ත සරණා – තමන්ට තමාම සරණ කොට ගත යුතුය.
- න අඤ්ඤසරණා – අන් කිසිවෙකුගේ සරණක් නැත.
මෙලෙස නිතර සමාජයේ භාවිතා වන මාතෘකා 10 ත් ඔස්සේ කරුණු එක්රැස් කරමින් විස්තර කොට දක්වා ඇත. ගිහියා විසින් නිතර නිතර පරිශිලනය කළ යුතු ඉතා වැදගත් මාතෘකා මෙයට ඇතුළත් කොට ඇත. ක්‍රි.පූ. 06 වන සියවසේ දී සියල්ල යථාවබෝධ කරගත් සම්බුදු රජාණන් වහන්සේ විසින් මෙම සියළුම කරුණු කාරණා දේශනා කර ඇත.
window.option_df_656 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/baudda-margaye-pathikadak-final.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}
නොමිලේ කියවා, බාගත කර ගන්න.
-

‘සංස්කෘතිය (හැදියාව) ඉතිහාසය, ආචාර ධර්ම’
ළදරු අධ්‍යාපනයේ දී මනස සහ සිරුර වැඩී යායුතු බව බුදුසමය අවධාරණය කරයි. පෝෂණය විය යුත්තේ ශරීරය පමණක් නොවේ. මනස ද පෝෂණය විය යුතුය. හැඩ ගැසිය යුතුය සංවර්ධනය විය යුතුය. එසේ නොවූ විට වන විපත් ගැන දෙයි.
විධිමත් අධ්‍යාපනයේ දී හිත හැදීමට උපදේශයක්නො ලැඛෙන නිසා ළදරු අධ්‍යාපනයේ දී එය මැනවින් ඉටු විය යුතුයි. එය දේශන මගින් කළ යුත්තක්වත් කළ හැක්කත්වත් නොවේ. එය පොතේ සරළ අන්දමින් විස්තර වෙයි. දැවැන්ත සමාජයට පුද්ගලයකු ප්‍රවේශ කරන රුවන් දොරටුව ළදරු පාසැලයි යන කතෘවරයාගේ මතයෙන් ළදරු අධ්‍යාපනය කුමක්දැයි තේරුම් ගත හැකි වෙයි.
මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.
window.option_df_590 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/buddha-ladaru-addyapanaya-Inner-Pages.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}
නොමිලේ කියවා, බාගත කර ගන්න.
-

පින්වත් උපාසක උපාසිකාවන්ට ගුණ වඩන්නට සුදුසු පරිදි වර්තමානයේ නා උයන ආරණ්‍යය සේනාසනයේ වැඩ සිටින විශේෂයෙන් ගිහි යෝගීන්ට භාවනා උපදෙස් ලබාදෙන ස්වාමින් වහන්සේ විසින් සකසා ඇති සතර කමටහන් පිළිබද දහම් පත්‍රිකා මෙසේ පොතක් වශයෙන් සැකසේ. භාවනා උපදෙස් ලබා දීමෙන් යෝගීන් මුහුණ පාන අපහසුකම් සලකා ඒ සියඵ අපහසුකම් මග හරවා පහසුවෙන් ගුණ වර්ධනය පිණිස උන් වහන්සේ විසින් ලැබු අත්දැකීම් සලකා මෙම දහම් පති්‍රකා නිර්මාණය වී ඇත. යෝගීන් නිසි ආකාරයෙන් වැඩිය යුතු ගුණ දියුණු කර ඉක්මනින් සසර දුකෙන් මිදේවා යන්න උන් වහන්සේගේ මෛතී්‍ර සහගත පැතුමයි.
මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.
window.option_df_570 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Bawana_Sathara_Kamatahan.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}
නොමිලේ කියවා, බාගත කර ගන්න.
-

“යෝ ඛෝ ආනන්ද මයා ධම්මෝ ච විනයෝ ච දේසිතෝ පඤ්ඤත්තෝ සෝ වෝ මමච්චයේන සත්ථා”
භාග්‍යවතුන්ව හන්සේ පිරිනිවන් මඤ්චකයේදී ධර්ම භාණ්ඩාගාරික අනඳ මාහිමිපාණන් වහන්සේ අමතා වදාළ අයුරින් ඒ සම්බුද්ධ පරිනිර්වාණයෙන් ඉක්බිති ධර්ම-විනය ම පිහිට පිළිසරණ කරගත් සුපේශල බුද්ධ පුත්‍රයන් වහන්සේලා ස්වකීය නිර්වාණය සාකෂාත් කරගත්තාහු, අනාගතයේ නිස්සරණාධ්‍යාශයෙන් සසුන් වන් කුලපුතුන් උදෙසා පිවිතුරු සුභාෂිත සද්ධර්මය සුරකෂිත කළාහුය. පළමු ධර්ම සංගායනාවේදී කවරකු විසින් සුපිරිසිදු සද්ධර්මය ආරකෂා කරනු ලබන්නාහුදැයි අසන ලද පැනයකදී “අනාගතේ ලජ්ජී රක්ඛිස්සති, ලජ්ජී රක්ඛිස්සති, ලජ්ජී රක්ඛිස්සති” යැයි තෙවරක් ම උදන් ඇනූ ඒ ශාසන මාමක උතුමන් වහන්සේලාගේ බලාපොරොත්තුව පරිදි එදා මෙදා තුර ලජ්ජී සුපේශල බුද්ධපුත්‍රයන් වහන්සේලා සර්වඥ සුභාෂිත සද්ධර්මය මැනවින් ආරකෂා කළාහු ය.
මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.
window.option_df_652 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/BIKSHU-PRATIMOKSHAYA-VINAYA-KARUNU.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}
නොමිලේ කියවා, බාගත කර ගන්න.
-

සසරට අයත් සුගති, දුග්ගති සියලූ පැවතුම් ඵස්සායතන සම්බන්ධතාවෙන් යුක්ත නම් ඵස්සායතන නැති කල්හි සසරක් ද නැත. ඵස්සායතන යනු අරමුණු ස්පර්ශයෙහි සම්බන්ධ චක්ඛු සෝතාදී ආයතනයි. ඵස්සායතන සියල්ල මාරවිෂය යි. පරවිෂය යි. පරවිෂයයන්ගෙන් මිදීමට වැඩිය යුතු සතිපට්ඨානය ස්වවිෂය යි. පියඋරුමයයි. (පෙත්තික දායජ්ජං) මේ පිළිබඳව බුදුරජාණන්වහන්සේ මෙසේ වදාරති.
“මහණෙනි, ගෝචර වූ සිය පියා සතු විෂයයෙහි හැසිරෙව්. මහණෙනි, ගෝචර වූ සිය පියා සතු විෂයෙහි හැසිරෙන්නවුන්පි ළිබඳ මාරයා අවකාශ නො ලබයි. මාරයා අරමුණක් නො ලබයි. මහණෙනි, මහණ හට ගෝචර වූ සිය පියා සතු විෂයය කුමක්ද? මේ සතර සතිපට්ඨානයයි.”.
මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.
window.option_df_606 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/bikshuwage-piya-urumaya-1.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}
නොමිලේ කියවා, බාගත කර ගන්න.
-

මධුපිණ්ඩික සූත්‍රය
මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.
window.option_df_1149 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2025\/12\/\u0db8\u0db0\u0dd4\u0db4\u0dd2\u0dab\u0dca\u0da9\u0dd2\u0d9a-\u0dc3\u0dd6\u0dad\u0dca_\u0dbb\u0dba-\u0d87\u0dad\u0dd4\u0dbd\u0dca\u0db4\u0dd2\u0da7\u0dd4-\u0d85\u0dc0\u0dc3\u0db1\u0dca-\u0dc3\u0d82\u0dc3\u0dca\u0d9a\u0dbb\u0dab\u0dba.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}
නොමිලේ කියවා, බාගත කර ගන්න.
-

මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.
මරණය අබියස
window.option_df_1076 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2024\/03\/\u0db8\u0dbb\u0dab\u0dba-\u0d85\u0db7\u0dd2\u0dba\u0dc3-\u0d85\u0dc0\u0dc3\u0db1\u0dca\u0dc3\u0d82\u0dc3\u0dca\u0d9a\u0dbb\u0dab\u0dba-\u0d87\u0dad\u0dd4\u0dbd\u0dd4-\u0db4\u0dd2\u0da7\u0dd4.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}
නොමිලේ කියවා, බාගත කර ගන්න.
-

යෝ සීලවා සීලවන්තේසු දදාති දානං
ධම්මේන ලද්ධං සූපසන්න චිත්තෝ
අභිසද්ධහං කම්ම ඵලං උළාරං
තං වේ දානං විපුල ඵලංති භ්‍රෑමීත
තුන්ලෝකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අර්හත් වූ, සම්‍යක් සම්බුද්ධ, සර්වඥ රාජෝත්තමයන් වහන්සේ මහා කරුණාවෙන් ලෝ වැසි ජනතාවගේ සුවසෙත උදෙසා වදාළ දක්ඛිණ විභඩග සූත්‍රයේ අවසාන ගාථාවයි ධර්ම දේශනාව සඳහා ඉදිරිපත් කරන්නට යෙදුණේ.
මහා බෝසතුන් වහන්සේ බුදු බවට පත් වී අවුරුද්දක් ගිය තැන විසි දහසක් මහ රහතන් වහන්සේලා සමඟ කපිල වස්තු නුවරට වැඩම කොට වදාළේ පිය මහ රජතුමාට ධර්ම අනුග්‍රහ කරනු පිණිසයි. පළමු දවස හරියට වෙසක් පෝයදා උදා වුණා. තථාගතයන් වහන්සේ තම ඥාතීන්ට බුදුමහිම දක්වනු පිණිස අහසට පැන නැඟී රුවන් සක්මනක් මවා නිර්මිත බුදු රුවක් ද මවා, ඉරියව් මාරු කරමින්, ධර්ම දේශනා ධර්ම සාකච්ඡා කරමින්, යමා මහ පෙළහර පාමින් එම අවස්ථාවේදී යමා මහ ප්‍රාතිහාර්යය පා වදාළා. එම ප්‍රාතිහාර්යය අවසානයේදී මහා පෘථීවිය ද කම්පා වුණා. අහසේ මල් වැසි ද වැස්සා. කෝටි ලක්ෂයක් දෙවියන් බ්‍රහ්මයන් රහත් වුණා. අසංඛ්‍යෙයක් පිරිස සෝවාන් වුණා, සකෘදාගාමී වුණා, අනාගාමී වුණා, මවුපිය ඥාති කුල අසූ දහසක්, පිය පස ඥාති කුල අසූ දහසක් දෙනා මුලින් කැපූ කෙසෙල් කඳන් මෙන් බිම දිගා වෙලා තෙරුන් සරණ ගත වුණා.
මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.
window.option_df_640 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Na-Uyane-Ariyadhamma-himi.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}
නොමිලේ කියවා, බාගත කර ගන්න.
-

මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.
window.option_df_698 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/\u0db8\u0dc4\u0db6\u0ddd\u0dc3\u0dad\u0dca-\u0da0\u0dbb\u0dca\u0dba\u0dcf\u0dc0.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}
නොමිලේ කියවා, බාගත කර ගන්න.
-

“පියෝච, ගරුභාවනීයෝ – වත්තාච වචනක්ඛමෝ ගම්භීරඤ්ච කථං කත්තා – නෝ චට්ඨානේ නියෝජයේ”
ලෝකයේ සියලූ දෙනාගේම ප්‍රියභාවය ලබාගන්නට බුදුවරයෙකුටවත් නොහැක. එහෙත් සීලාදි ගුණ කරණ කොට ගෙන ප්‍රියභාවයක් යමෙකුගෙන් සැලසේ නම් වටින්නේ එයයි. “ගරහාව සෙය්යෝ විඤ්ඞ්තං යං චෙ බාලප්පසංසනා” වූ සෙයින්නැ ණවතාට ප්‍රියවීමටයි, අප උත්සහවත් විය යුතුය.
මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.
window.option_df_650 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/ariyadamma-himi-book.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}
නොමිලේ කියවා, බාගත කර ගන්න.
-

මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.
මහා නිදාන සූත්‍රය
window.option_df_1083 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2024\/03\/\u0db8\u0dc4\u0dcf-\u0db1\u0dd2\u0daf\u0dcf\u0db1-\u0dc3\u0dd6\u0dad\u0dca\u200d\u0dbb\u0dba-\u0d85\u0dc0\u0dc3\u0db1\u0dca-\u0dc3\u0d82\u0dc3\u0dca\u0d9a\u0dbb\u0dab\u0dba-\u0d87\u0dad\u0dd4\u0dbd\u0dd4-\u0db4\u0dd2\u0da7\u0dd4.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}
නොමිලේ කියවා, බාගත කර ගන්න.
-

බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පෑම සඳහා කුසිනාරා නුවරට වැඩම කළ අවස්ථාවේ නොයෙක් නොයෙක් තැන්වලදී නතර වෙමින් කළ කෙටි දේශනා රාශියක් මෙම සූත්‍ර දේසනාවේ ඇතුළත් වේ.
ඒ කාල පරිච්ඡේදය සැදැහැවත් බොදුනුවන්ගේ හදවත් කම්පාකරවන සංවේගජනනීය කාල පරිච්ඡේදයකි. ‘සංවේග” යන වචනයේ ඇතුලේ අර්ථය නම් සෝකයෙන් හඬ හඬා වැළපීම නොවේ. “සංවිගෙගා යොනිසො පදහති” යන නිරුත්තිය අනුව නුවණින්ය යථාර්ථය වටහාගෙන ධර්මය අවබෝධය සඳහා නොපසුබට වීර්යය කිරීමයි.
මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.
window.option_df_677 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/parinirvana-suthraya-new-2017-3-15-final.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}
නොමිලේ කියවා, බාගත කර ගන්න.