• දිනකට වරක්වත් තෙරුවන් සරණ යමු.

    දිනකට වරක්වත් තෙරුවන් සරණ යමු.

    දිනකට වරක්වත් තෙරුවන් සරණ යමු.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_1120 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2025\/07\/W.P.S.Weerakkodi-FINEL-2025-01.07.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • දිවි මගට දහම් බිදක් | ලක්ඛණ සූත්‍රය ඇසුරිනි

    දිවි මගට දහම් බිදක් | ලක්ඛණ සූත්‍රය ඇසුරිනි

    පිවිතුරු ප්‍රතිපදාවෙන් සම්මාසම්බුද්ධත්වයට

    ම්මාසම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වන්නේ ඉතාම කලාතුරකිනි. ඒ පහළවීම අතිශයින් ම සුන්දර මෙන්ම ආශ්චර්ය අද්භූත දෙයකි. ඒ අසිරිමත් පහළවීම සියලු දෙවි-මිනිසුන්ට ම අතිශය සැප ගෙන දෙන්නකි. සාරාසංඛ කල්ප ලක්‍ෂයක් පෙරුම් පුරා සම්මාසම්බුද්ධත්වය සඳහා පැමිණි ගමනේදී කිසිදු කෙනෙකුට ලඟා වීමට නොහැකි කළා වූ අතිශය පුණ්‍යමහිමය නිසා තිස් දෙකක් වූ මහා පුරුෂ ලක්‍ෂණයන්ගෙන් සෝභමාන වූ, දකින සියලු දෙනාටම යළි යළි ප්‍රිය උපදවන රූප කායකින් සමන්විත වූයේය.

    බුදුරජාණන් වහන්සේ සම්මාසම්බුද්ධත්වයට පත්වී විවිධ අවස්ථාවලදී අසිරිමත් සම්මාසම්බුදුගුණ ගැනත්, ඉපදීමේ සිට පිරිනිවන්පාන තෙක් සිදුවූ සුවිශේෂී සිදුවීම් පිළිබඳවත්, බෝධිසත්ත්ව සමයේ කළා වූ මාහැඟි පින්කම් පිළිබඳවත්, අතිශය මනරම් සුවිශේෂී අවබෝධාත්මක දේශනා පැවැත්වූ සේක. ඒ අතර අච්ඡරියබ්භුත සූත්‍රය, මහාසීහනාද සූත්‍රය, කාළකාරාම සූත්‍රය, ලක්ඛණ සූත්‍රය, ආනන්‍ද සූත්‍රය ආදී තවත් බොහෝ සූත්‍ර දේශනා හඳුන්වා දිය හැකිය.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_679 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/pivituru-pratipadava-FINAL.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • දුක සකස් වෙන පිළිවෙල නම්

    දුක සකස් වෙන පිළිවෙල නම්

    බුදුරජාණන් වහන්සේ නමකගේ පහලවීම අතිශය දුර්ලභ කාරණාවක් මෙන්ම, ඒ උතුම් ශ්‍රී සද්ධර්මය පවතින කාලයක මිනිසෙකු වී ඉපදීමත් අතිශය දුර්ලභ කාරණයක් වන්නේය. ඒ උතුම් අතිශය දුර්ලභ මොහොත ලද මේ අවස්ථාවේදී මනුෂ්‍යයන් හැටියට අප විසින් සිදු කරගත යුතු මූලික කාරණාවක් වනුයේ පිරිසිදු ශී්‍ර සද්ධර්මය අවබෝධ කරගැනීමට කටයුතු කිරීමයි. එසේ නො කළහොත් සංසාරයේ අතරමන්වනුයේ අපමය.

    ඒ අසරණ භාවයෙන් මිදීම පිණිස, සත් පුරුෂයන්ගේ ඇසුර ලබමින් සීල, සමාධි, ප්‍රඥා වැඩීම පිණිස නුවණින්,සිහියෙන්, වීර්යයෙන් යුතු ජීවිතයක් ගත කළ යුතුය.එබඳු උතුම් ජීවිතයක් ගත කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය පිළිබඳවත්, ඒ සද්ධර්මය නුවණින් විමසා ගත් භාවනාමය නුවණකුත් අප සතු විය යුතුය.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_694 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/duka-book.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • දෙනුවන සමීපයේ සිටින දෙවි බඹූන් ඔබ දුටුවාද?

    දෙනුවන සමීපයේ සිටින දෙවි බඹූන් ඔබ දුටුවාද?

    මා පියන්ගේ ගුණ

    මනුෂ්‍යයා පළමුවෙන් මෙලොව උපදිනුයේ දින ගණනක්වත් ස්වශක්තියෙන් ජීවත් විය හැකි ශක්තියක් ඇතිව නො වේ. මාපියන්ගේ උපකාරය නො ලද හොත් හේ වහා මෙලොවින් තුරන් වන්නේය.දරුවකු
    ස්වශක්තියෙන් ජීවත් විය හැකි තත්ත්වයට පැමිණවීමට මාපියනට බොහෝ කලක් වෙහෙසෙන්නට දුක් ගන්නට සිදු වේ. මාපියෝ දරුවන් කෙරෙහි අප්‍රමාණ කරුණාව ඇත්තෝ ය. මව තමාගේ ශරීරයේ කොටසක් වූ කිරි, දරුවාට පොවන්නී ය. තමාගේ ශරීරයේ උණුසුමින් දරුවාගේ ශරීරය උණුසුම් කරවන්නී ය. පිළිකුල් නො කොට සෙම්, සොටු, මල, මුත්‍රා ආදිය පහකොට දරුවා පවිත්‍ර කරන්නී ය. මා පියෝ රෑ නිදි නො ලබා දරුවා රක්නාහ. තමන් සාගින්නෙන් පෙළෙමින් වුව ද දරුවාට ආහාර පාන අඩුවක් නැති වන ලෙස සපයා දීමෙන් ද දරුවාට රෝගාදි අන්තරායයක් ඇති වූ කල්හි තමන් සතු ධනය සියල්ල ම වුව ද වියදම් කිරීමෙන් ද තමන්ගේ ධනය අවසන් වූ කල්හි ණයට පවා ගෙන වියදම් කිරීමෙන් ද දරුවාට සංග්‍රහ කරන්නාහ. මඳක් වැඩුණු දරුවෝ නොයෙක් විට මාපියනට වරද කරති. ඔවුන් සතු ධනයට හානි කරති. අකීකරු වෙති. එහෙත් කාරුණික වූ මාපියෝ ඔවුන්ගේ වරද කොතෙක් මහත් වුව ද ඉවසා තමන්ගේ අමාරුකම් නො බලා දරුවන් සුවපත් කරනු පිණිස බොහෝ වෙහෙසී ධනය සපයා ආහාර පාන වස්ත්‍රාදියෙන් ඔවුනට සංග්‍රහ කරති. ශිල්ප ශාස්ත්‍ර උගන්වති. තමන් සියල්ල ම ඉතා පිරිමසා කරගෙන සපයන ධනය දරුවන්ගේ මතු ප්‍රයෝජනය සඳහා තබති. මෙසේ දීර්ඝ කාලයක් මාපියන් විසින් දරුවනට කරන ගුණය මෙතෙකැ යි පමණ කළ නොහේ. ඔවුන්ගේ ගුණ අනන්ත ය.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_632 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/dr.-nalin.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • නිවනට මග | මේඝිය සුත්‍රය

    නිවනට මග | මේඝිය සුත්‍රය

    බුද්ධෝත්පාදය, මිනිසත් බව, හේතු සම්පත්තිය, පැවිදි බව, සද්ධර්මය හා කළ්‍යාණ මිත්‍ර සම්පත්තියද අතිශයින් දුර්ලභය. මෙකල ඒ සියල්ල එක්තැන්ව තිබීම අප සැමලත් උතුම් භාග්‍යයකි. බෞද්ධයන් වු අපි දානාදී පුණ්‍ය ක්‍රියාවන් සපුරමින්, ප්‍රතිපත්ති ධර්මයන් පූර්ණය කර ගනිමින් ආර්යය මාර්ගයේ ගමන් කරන්නේ සම්මා සම්බුද්ධ ශාසනයත් සම්මුඛ වු බැවිනි. අබුද්ධෝත්පාද කාලයක නම් මේ කිසිවක් නොකළ හැක්කේමය.

    ලෝ සතුන් වෙත මහා කරුණාවෙන් වදාළ අසූහාරදහසක් වු ධර්මස්කන්ධය අතුරන් “මේඝීය සූත්‍රය” ද ඉතා විචිත්‍ර දේශනාවකි.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_628 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/megiya-suthraya-final-2016-03-23.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • නිවන් දැකීමේ කෙටි මග

    නිවන් දැකීමේ කෙටි මග

    “තත‍ථ කතමා සති? යා මති අනුසසති පටිසසති සති සරණතා ධාරණතා අපිලාපනතා අසමමුසනතා සති සතිත‍ද්‍රියං සතිබලං සමමාසති, අයං වුචචති සති”

    සිහිය නම් කවරේ ද? යම් සතියක්, නැවත සිහි කිරීමක් පෙරටුව සිහි කිරීමක්, සිහියක්, සිහි කරන ආකාරයක්, ධරණ බවක්, අරමුණු නො ඉල්පෙන බවක්, නො මුලාවන බවක්, සති ඉන‍ද්‍රියක්, සති බලයක්, සම්මා සතියක් ඇත්තේ වේ ද, මෙය සතිය යැයි කියනු ලැබේ.

    “සරනති තාය, සයං වා සරති, සරණමතතමෙව වා එසාති සති”

    යම් ශක්ති විශේෂයකින් අරමුණු සිහි කරවත් ද, තමන් සිහි කරේ ද, සිහි කිරීමේ ශක්ති මාත්‍රය හෝ සතිය නම් වේ.

    සිතෙහි යෙදෙන කුසල චිත්ත වීථීයක තමන් හා එක්ව යෙදෙන අනෙකුත් නාම ධමයන්ට (චෛතසිකයන්ට) අරමුණු සිහි කර ගන්නට උපකාර වන චෛතසිකය “සතිය”නම් වේ.

    _

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_731 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/book-inner-1.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • නිවනේ වසන්තය ඔබ අභියස

    නිවනේ වසන්තය ඔබ අභියස

    අර්හත් ඵලය ආදීකොට ඇති ලෝකෝත්තර ආය්‍ය_ ඵලත්, ලෞකික පංච අභිඥා අෂ්ඨ සමාපත්ති ඵලත් චිත්ත දියුණුවෙන් මනුෂ්‍ය චිත්ත සන්තානයෙහි පහළ වන්නා වූ අතිශය නිරාමිෂය වූ ද අතිශය නිරවද්‍ය වූ ද ආශ්වාද ජනක, අත්භූත ජනක ශ්‍රේෂ්ඨ සිතුවිලි සමුදායක අග්‍රගණ්‍ය ඵල වේ. මන පූවංගම කරගෙන, මන ශ්‍රේෂ්ඨ කරගෙන, මනෝමය සිතක විඤ්ඤාණ ශක්තියේ කි්‍රයාකාරීත්වයයි.

    මේ මිහිපිට උසස් මානසිකත්වයක් ඇතිව මනුෂ්‍යයා පහළ වූ වකවානුවේ සිට ඔහු විසින්ම මානසික ඒකාග්‍රතාවයෙන් සිත දියුණු කිරීමෙන් ඇතිකර ගත් ඉහත ලෞකික – ලෝකෝත්තර ඵල හෙවත් ආධ්‍යාත්මික දියුණුව මෙතෙක් ලොව පහළ වූ පහළ වන්නා වූ ද නවීන විද්‍යාව හමුවේ අනාථ වී නැති අනාථ නොවන පරම උත්කෘෂ්ඨ චිත්ත ශක්ති සමුදායකි. මේ චිත්ත ශක්තියට අභියෝගයක් නැත. අතීතයේ වූයේ ද නැත. අනාගතයේ ද අභියෝගයක් නැත්තේ මය. චිත්ත ශක්තිය හමුවේ නවීන විද්‍යාව අසරණ ය. භෞතික දියුණුව ආධ්‍යාත්මික දියුණුව හමුවේ පරාජිත ය.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_588 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/nirwane-wasanthaya-oba-abiyasa-new-edited.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • නුවණ ඇති අයට පිං පොත

    නුවණ ඇති අයට පිං පොත

    පිං කළ තැනැත්තා දෙලොවම සතුටු වේ.

    ඉධ නන්දති පෙච්ච නන්දති
    කත පුඤ්ඤා උබයන්ථ නන්දති
    පුඤ්ඤං මේ කතත්ති නන්දති
    භීයේ‍යා නන්දතී සුග්ගතිං ගතො

    පින්කළ තැනැත්තා මෙලොවත් පරලොවත්, දෙලොවම සතුටු වේ. මා විසින් පින්කරන ලද්දේ යැයි සතුටු වේ. සුගතියට ගියේ වඩාත් සතුටු වේ.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_644 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/pinpotha-new-final.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • පට්ටාන සිංහල සංස්කරණය

    පට්ටාන සිංහල සංස්කරණය

    පට්ටාන සිංහල සංස්කරණය

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_1154 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2025\/12\/\u0db4\u0da7\u0dca\u0da7\u0dcf\u0db1-\u0dc3\u0dd2\u0d82\u0dc4\u0dbd-\u0dc3\u0d82\u0dc3\u0dca\u0d9a\u0dbb\u0dab\u0dba.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • පට්ඨාන ධර්ම  දේශනාව සහ අනන්තනය සමන්නාගත චතුවීසති සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව

    පට්ඨාන ධර්ම දේශනාව සහ අනන්තනය සමන්නාගත චතුවීසති සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව

    පට්ඨාන ධර්ම දේශනාව සහ අනන්තනය සමන්නාගත චතුවීසති සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_1112 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2025\/07\/\u0db4\u0da7\u0dca\u0da7\u0dcf\u0db1\u0dba-\u0d85\u0db1\u0dd4\u0dc4\u0dc3\u0dca-\u0d85\u0dc0\u0dc3\u0db1\u0dca-\u0dc3\u0d82\u0dc3\u0dca\u0d9a\u0dbb\u0dab\u0dba.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • පරාභව සූත්‍රය |  පිරිහීමේ දොරටු විසිතුන

    පරාභව සූත්‍රය | පිරිහීමේ දොරටු විසිතුන

    ‘කම්මං සත්තේ විභජති යදිදං හීනප්පණිතතායාතී’

    මහා කාරුණික අසරණ සරණ ශාන්ති නායක සම්මා සම්බුදු රජාණන් වහන්සේ වදාළ පරිදි සත්වයන් හීන ප්‍රණීත ලෙස උසස් පහත්ලෙස ඛෙදනු ලබන්නේ කර්මය විසිනි. කර්මය පිළිබඳ සම්බුදු දහමේ දේශිත ධර්ම පාඨ බොහෝ ඇතත් මෙහි දී මා උත්සාහ ගත්තේ සරළ බසින් කථා පුවත් අනුසාරයෙන් කර්ම විපාක පැහැදිලි කිරීමටය. කරන ලද කර්මයේ විපාකයෙන් ගැලවීමට හැකි කාන්තාවක් හෝ පුරුෂයෙක් හෝ මනුෂ්‍යයෙක් හෝ අමනුෂ්‍යයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ මේ තුන් ලෝකයේම නැත. මනුලොව සිට අකනිටා බඹලොව දක්වා මේ සක්වල පුරා අබ ඇට පිරවුයේ නමුදු ඒ අබ ඇට ගණනට වඩා විශ්වයේ තවත් සත්වයන් වාසය කරන සක්වලවල් ඇතිබව ධර්මයේ සඳහන් වේ. නමුත් කර්ම විපාකයෙන් බේරීමට හැකි පුද්ගලයෙකු නම් මේ විශ්ව ලෝක ධාතුව තුළම නැත.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_594 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/Bawana_Sathara_Kamatahan-1.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download

  • පා අවුක් භාවනා මාර්ගය | සමථ - විපස්සනා

    පා අවුක් භාවනා මාර්ගය | සමථ – විපස්සනා

    “අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටි න පඤ්ඤායති”.
    “මහණෙනි, මේ සංසාරය වනාහි නොදක්නා ලද අග ඇතියෙක. එහි පෙර කොන ද නොපෙනෙන්නේය”.

    තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ සේක. ඉපදෙමින්, මැරෙමින්, අනේක දුක් විඳිමින් ගමන් ගන්නා වූ මේ සසර ගමන අනන්තය.
    එය වනාහී ඉමක් කොනක් කෙළවරක් නැතියක් ය.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    window.option_df_681 = {"outline":[],"autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/pa-auk.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download