Showing the single result

  • දෙනුවන සමීපයේ සිටින දෙවි බඹූන් ඔබ දුටුවාද?

    මා පියන්ගේ ගුණ

    මනුෂ්‍යයා පළමුවෙන් මෙලොව උපදිනුයේ දින ගණනක්වත් ස්වශක්තියෙන් ජීවත් විය හැකි ශක්තියක් ඇතිව නො වේ. මාපියන්ගේ උපකාරය නො ලද හොත් හේ වහා මෙලොවින් තුරන් වන්නේය.දරුවකු
    ස්වශක්තියෙන් ජීවත් විය හැකි තත්ත්වයට පැමිණවීමට මාපියනට බොහෝ කලක් වෙහෙසෙන්නට දුක් ගන්නට සිදු වේ. මාපියෝ දරුවන් කෙරෙහි අප්‍රමාණ කරුණාව ඇත්තෝ ය. මව තමාගේ ශරීරයේ කොටසක් වූ කිරි, දරුවාට පොවන්නී ය. තමාගේ ශරීරයේ උණුසුමින් දරුවාගේ ශරීරය උණුසුම් කරවන්නී ය. පිළිකුල් නො කොට සෙම්, සොටු, මල, මුත්‍රා ආදිය පහකොට දරුවා පවිත්‍ර කරන්නී ය. මා පියෝ රෑ නිදි නො ලබා දරුවා රක්නාහ. තමන් සාගින්නෙන් පෙළෙමින් වුව ද දරුවාට ආහාර පාන අඩුවක් නැති වන ලෙස සපයා දීමෙන් ද දරුවාට රෝගාදි අන්තරායයක් ඇති වූ කල්හි තමන් සතු ධනය සියල්ල ම වුව ද වියදම් කිරීමෙන් ද තමන්ගේ ධනය අවසන් වූ කල්හි ණයට පවා ගෙන වියදම් කිරීමෙන් ද දරුවාට සංග්‍රහ කරන්නාහ. මඳක් වැඩුණු දරුවෝ නොයෙක් විට මාපියනට වරද කරති. ඔවුන් සතු ධනයට හානි කරති. අකීකරු වෙති. එහෙත් කාරුණික වූ මාපියෝ ඔවුන්ගේ වරද කොතෙක් මහත් වුව ද ඉවසා තමන්ගේ අමාරුකම් නො බලා දරුවන් සුවපත් කරනු පිණිස බොහෝ වෙහෙසී ධනය සපයා ආහාර පාන වස්ත්‍රාදියෙන් ඔවුනට සංග්‍රහ කරති. ශිල්ප ශාස්ත්‍ර උගන්වති. තමන් සියල්ල ම ඉතා පිරිමසා කරගෙන සපයන ධනය දරුවන්ගේ මතු ප්‍රයෝජනය සඳහා තබති. මෙසේ දීර්ඝ කාලයක් මාපියන් විසින් දරුවනට කරන ගුණය මෙතෙකැ යි පමණ කළ නොහේ. ඔවුන්ගේ ගුණ අනන්ත ය.

    මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

    Please wait while flipbook is loading. For more related info, FAQs and issues please refer to DearFlip WordPress Flipbook Plugin Help documentation.

    window.option_df_632 = {"outline":[],"forceFit":"true","autoEnableOutline":"false","autoEnableThumbnail":"false","overwritePDFOutline":"false","direction":"1","pageSize":"0","source":"https:\/\/dhammadanabooks.com\/wp-content\/uploads\/2022\/04\/dr.-nalin.pdf","wpOptions":"true"}; if(window.DFLIP && window.DFLIP.parseBooks){window.DFLIP.parseBooks();}

    නොමිලේ කියවා, බාගත කර ගන්න.

    Download