සිහිය පිහිටුවා ගන්න
යෝගාවචරයා පංච කාම උගුලේ නො පැටලී ආරකෂිතව සිටීමට නම් එළඹි සිහිය පවත්වා ගැනීම හැර වෙනත් විකල්පයක් නැති බව අවබෝධ විය. මේ පංච කාම උගුලෙන් බේරී ආරකෂිතව සිටීම සඳහා සුදුසු වෙනත් ක්‍රමයක් හෝ වෙනත් තැනක් හමුවූයේ ම නැත. යන යන තැන ඇස, කන, නාසය, දිව, කය, ආදී ඉදුරන් සමග ම යෑමට සිදුවෙයි. එසේ ම රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ආදී පංච කාම ගුණයන් සෑම තැනක ම ඇත. ඉතින් ආරකෂිතව සිටීමට නම් එළඹි සිහියෙන් සිටිනවා හැර වෙන කුමක් කරන්න ද?.






