සසර තතු දත යුතු | දේවදූත සූත්‍රය ඇසුරෙන්
“පමතතසස ච නාම චතතාරො අපායා සකගෙහසදිසා අමහාකඤහි සකගෙහං විය අටඨ මහානිරයා විවටදචාරයෙව”(ධම්මපදට්ඨකථා)
පමා වූවහුට වනාහි සතර අපාය තම ගෙදර වැනිය අපගේ මහ ගෙදර දොර සැමවිට අපට විවෘතව පවතින්නා සේ අට මහ නිරයෙහි දොරටු ඇරී පවතී.
අගක් මුලක් නැතිව අනාදිමත් කලක් සසර දුක් විඳින සත්වයන්ට නාමරූපල ස්කන්ධල ධාතුල ආයතනල පටිච්ච සමුප්පාද ආදී සත්‍ය වශෙයන් පවත්නා ධර්ම ස්වභාවයන් පිළිබඳව අනවබෝධය හේතුවන් ලෝ සතුන් අවිද්‍යාවෙන් මුලා වී තෘෂ්ණාවෙන් බැඳී දිට්ඨියෙන් වෙලී පැටලී දුකෙන් දුකට පත් වී සසරම රැඳති.






