ශාන්ති පිරිත
බුදුගුණ අනන්තයි. දහම්ගුණ අනන්තයි. සඟගුණ ද අනන්තයි. තෙරුවන් ගුණ ඒකාන්ත සත්‍යයි. විද්‍යමානයි. මහත් ආනුභාව සම්පන්නයි. බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රයේ ගුණ ස්කන්ධ ඇතුළත් වූ සත්‍යක්‍රියාව පිරිත නමින් හැඳින්වේ.
අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝධිසත්ත්ව කාලයේ දී මහා ලැව්ගින්නක් නිවූ සත්‍යක්‍රියාව වට්ටක පිරිතයි. මහා නියඟයක් නිවා වැසි වැස්ස වූ සත්‍ය ක්‍රියාව මච්ජරාජ පිරිතයි. මහා විෂඝෝර නාගයන් දමනය කළ සත්‍ය ක්‍රියාව කඳ පිරිතයි. සතුරන් ගෙන්ජ යගත් සත්‍ය ක්‍රියාව මෝර පිරිතයි.
බුදු බවට පත් වී දෙවැනි වසරේ දී විශාලා මහනුවර රෝග, දුර්භික්ෂ, අමනුෂ්‍ය භය සංසිඳුවා ශාන්තිය සැලසූ සත්‍යක්‍රියාව රතන සූත්‍රයයි. ගර්භ මුල්හ වූ අසරණ මවක් සුවපත් කළ සත්‍යක්‍රියාව අංගුලිමාල පිරිතයි. මේ ආදී සත්‍යක්‍රියාමය පිරිත්දේ ශනා ගණනාවක් එකතුකොට මේ ශන්ති පිරිත සකස් කොට ඇත.






