ශ්‍රී පාදස්ථානයේ වතගොත
“යං නම්මදාය නදියා පුලිනෙ ච තීරෙ
යං සචිච බද්ධ ගිරිකෙ සුමනා ච ලග්ගෙ
යං තත්ථ යොනක පුරෙ මුණි නොච පාදං
තං පාද ලාංඡන මහං සිරසා නමාමි.”
“නර්මදා නම් ගංඟාවගේ වැලි තලාෙවිහි යම් ශ්‍රි පාද ලාංඡනයක් වේද සචිචබද්ධ පර්වතයේහි යම් ශ්‍රි පාද ලාංඡනයක් ෙවිද ලක්දිව සමන්තකූට පර්වතයේහි යම් ශ්‍රි පාද ලාංඡනයක් වේද යෝනක පුරයේහි මුනින්දායන් වහන්සේගේ යම් ශ්‍රි පාද ලාංඡනයක් වේද ඒ සියලූ සිරිපා සටහන් මම හිසින් නමස්කාර කරමි.”
සැම වර්ෂයකම අවසන් මස උදුවප් පුර පසළොස්වක පෝහොය දිනය උදාවෙයි. ඒම පොහොය උදාවක් සමඟම ශ්‍රි පාද වන්දනා සමය ආරම්භ කරන ලද ශ්‍රි පාද වන්දනා සමය නැවත අවසන් වනුයේ අළුත් වර්ෂයේ වෙසක් පුන් පොහොය දිනයෙන්නි මාවට පත් වෙයි.



