දිගාසිරි ලැබීමේ රහසක්

‘අභිවාදන සීලිස්ස – නිච්චං වද්ධා පචායිනො චත්තරෝ ධම්මා වඩඪන්ති – ආයු වණෙනා සුබං බලං’

ජීවිතයක් පවත්වාගෙන යාමේදී අපට ඉතාම අවශ්‍ය සම්පත් සතරක් පිළිබඳ ධර්මයෙහි දැක්වෙනවා. ඒවා නම්, ආයු සම්පත්තිය, වර්ණ සම්පත්තිය, සුව සම්පත්තිය, බල සම්පත්තිය වශයෙන් සඳහන්ව තියෙනවා. යහපත් සුවදායි සැනසිලිදායී ජිවිතයක් වශයෙන් තම ජිවිතය පවත්වාගෙන යාම සඳහා මෙම කරුණු හතරම සම සමව තිබිය යුතුයි. බුද්ධ ධර්මය නිරන්තරයෙන්ම දුක් සහගතව ජිවිතය පවත්වාගෙන යාම අනුමත කරන්නේ නැත. පුද්ගලයා සුවයෙන් සතුටින් සොම්නස් සහගතව සිටීමයි දහමේ අපේක්ෂාව වන්නේ.

බෝහෝ දෙනෙකුගේ මිථ්‍ය විශ්වාෂයක් තිඛෙනවා බුදු දහම පුද්ගලයාගේ මෙලොව සුවයක් පිළිබඳව නොතකන ධර්මයක් ලෙස. පරලොව පිළබඳවත්, අනිත්‍යතාවය පිළිබඳවත්, මරණය පිළිබඳවත් පමණක් අවධානය යොමු කරන ධර්මයක්ව ශයෙන් ඇතැම් විට චෝදනා මුඛයෙන් කථා කෙරෙන අවස්ථාවනුත් තිඛෙනව. සැබවින්ම ජිවිතයක යථා තත්ත්වය පිළිබඳ එස් නිරතුරු පෙන්වා දීමක් සිදු කළත් පුද්ගලයා සතුටින් සොම්නසින් ආශ්වාදනීය ජීවිතයක් ගත කිරීමේ අවශ්‍යථාව බුදු දහමින් මනාව අනාවරණය කෙරෙනවා.

මුද්‍රණ ගාස්තු ගෙවා ධර්මදාන සදහා ලබාගත හැකියි.

නොමිලේ කියවා, බාගත කර ගන්න.

Download