තෙරුවන් ගුණ භාවනා
“බුද්ධ රත්නයේ ගුණ අනන්තය, අප්‍රමාණය.
ධම්ම රත්නයේ ගුණ අනන්තය, අප්‍රමාණය.
සංඝ රත්නයේ ගුණ අනන්තය, අප්‍රමාණය.”
මෙම සූවිසි මහා ගුණ කඳ තුළ සුවාසූ දහසක් ධර්‍මවස්කන්ධයම ගැබ්ව පලතී. එමෙන්ම මෙම ත්‍රිවිධානුස්සති භාවනාවන් වඩන යෝගීන් වහන්සේගේ සිත රාග, ද්වේෂ, මෝහාදියෙන් නොපෙළන බවට පත් වේ. පංච නීවරණ ධර්‍මයන් ද යටපත් වේ. උපචාර සමාධි ධ්‍යානාංගයන් ද පහළ වේ. ත්‍රිවිධානුස්සති භාවනාවන්හි නිරත වන යෝගීන් වහන්සේට බුද්ධ වන්දනා, වැඩිහිටි වන්දනාදිය ද පෙරට වඩා අර්ථාන්විතව ගෞවයෙන් සිදු කිරීමට සිත් පහළ වනු ඇත. රත්නත්‍රයේ ගුණ අනන්ත වන්නා සේම ඒවා සිහි කිරීමෙන් ලැඛෙන විපාකයන් ද අනන්තය. මුළු ලොව පුරා, බඹ තලය දක්වා විහිදෙන සේ ප්‍රාසාදයක් කරවා, මැණික් තොරණ් බැඳ, රනින් කළ කොඩි එල්ලා, අගය නිම කළ නොහැකි ලෙස කළ එම ප්‍රාසාදය පූජා කරන කුසලයටත් වඩා තෙරුවන් ගුණ සිහිපත් කිරීම උතුම් වනු ඇත.




