ඉද්ධිවිද නිර්දේශනය | සංක්‍ෂිප්ත සතර කමටහන් – ආනාපාන සති භාවනා සහිත
‘උට්ඨානෙනප්පමාදෙන – සඤ්ඤමෙන දමෙනච දීපං කයිරාථ මෙධාවී – යං ඕඝො නාභිකීරති’
උට්ඨාන වීර්යය, අප්‍රමාදී බව හෙවත් එළඹ සිටි සිහිය, සීල සංවරය හා ඉඳුරන්ගේ දමනය යන කරුණු සතර, සැඩ පහරට යට නොවන දිවයිනක් සේ, කෙලෙස් ඕඝයෙන් තොර නිවන අවබෝධයට උපකාරී වේ.
උට්ඨාන වීර්යය නම් අවදි කරගත් වීර්යයි. වීර්යය තමාගේ අභිලාෂය ඉටුවන තෙක්ම අත්‍යවශ්‍ය වේ. යම්කිසි පුද්ගලයෙකුට උසස් අධ්‍යාපනයක් ලැබීමට අවශ්‍ය නම් හෙතෙම අධ්‍යාපනය පරිපූර්ණ වන තෙක්ම උත්සාහය අත් නොහරිමින් කටයුතු කළ යුතුවාක් මෙන්ම, උසස්ස මාධියක්, ධ්‍යානයක්, මාර්ග ඵලයක් අපේකෂා කරන යෝගීන් වහන්සේ ද තමාගේ උත්සාහය අත් නොහැර දිගටම පවත්වාගෙන යා යුතුයි. එලෙස ක්‍රමවත්ව පවත්වාගෙන යන වීර්යය උට්ඨාන වීර්යයයි.






